අවදි වී බබළන්න - 1 වන කොටස

2.1K 169 18
                                    

අවදි වී බැබලෙන්න]

කිල්ගාරාගේ හඬ:

මායාව මිත්‍යාවක්ම පමණක් වූ භූමියක...
ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයක දෛවය පැවරී ඇත්තේ ලොව බලවත්ම මායාකරුගේ උරමතය...
ඔහුගේ නම..... මර්ලින්.

මර්ලින් ආතර්ගේ මරණයේ නරක මතකයක් සිහිනයක් ලෙස දකියි. ආතර්ව ලී බෝට්ටුවක පා කර නියම නයිට්වරයෙකු ලෙස ඔහුගේ දේහය සකසා ඇවලොන් විල මධ්‍යයට පා කර යවයි. ශ්‍රේෂ්ඨ මකරා කිල්ගාරා පවසන්නේ "ඇල්බියන් දේශයට ඔහුව අවශ්‍ය වූ විට ආතර් නැවත මරණයෙන් නැගිට පැමිණේවි" යන්නයි.
මර්ලින් කෑගසමින් හඩයි. ආතර්ගේ සිරුර රැගත් බෝට්ටුව මීදුම අතරින් නොපෙනී යයි. මර්ලින් ආතර්ගේ නම කෑගසාගෙන නින්දෙන් අවධි වෙයි.

•මර්ලින්ගේ මහල් නිවාසය (නිදන කාමරය)- රාත්‍රිය

මර්ලින් ආතර් යනුවෙන් කෑගසාගෙන අවධි වෙයි. ඔහු මත වැතිරී සිටියදීම ඔහුගේ ඇස් ඇරී ඇස් දෙක කහ පැහැයෙන් බබළයි. ජනේල සියල්ල වසාදමා ඇත. නමුත් සිහින් සුළගක් ඔහුගේ හිසකෙස් මතට වැදී හිසකෙස් සෙලවෙයි. කාමරයේ ඇති සිවිලිම් ෆෑන් එක කිසිදු පාලනයකින් තොරව කැරකෙන බව මර්ලින්ට තේරුම් යයි.
මර්ලින් ඔහුගේ එක් අතක් ඔසවන්නේ ඔහුගේ මැජික් බලයෙන් ෆෑන් එක නැවැත්වීමටයි. එහෙත් ඒ වෙනුවට ෆෑන් එක සිවිලිමෙන් ගැලවී ඔහුගේ ඔලුව දෙසට වැටෙයි. ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වූ මර්ලින් ඇදෙන් අහකට පනී. ෆෑන් එක බිමට වැටෙයි.
"ඒක හීනයක්, ඒක හීනයක්" මර්ලින් මුමුණයි. ඔහු බලන්නේ ඔහුගේ මේසය මත ඇති ඩිජිටල් ඔරලෝසුව දෙසය. වෙලාව උදෑසන 3.07 යි.

21 වන සියවස. නොවැම්බරය...

මර්ලින් ඇදෙන් නැගිට ජනේලය අරියි. ඔහු සිටින්නේ ලන්ඩන් නගරය මධ්‍යයේ පිහිටි මහල් නිවාසයක දෙවන තට්ටුවේය. එලියේ මහ වැස්සකි. මර්ලින් ලන්ඩන් නගරය දෙසත් වීදි මත ඇදෙන කාර් දෙසත් බලමින් සිටියි.

ආතර්ගේ මරණයෙන් වසර 1500කට පසුව...

මර්ලින් තවමත් ජීවත් වෙයි. එහෙත් ඔහුගේ කෙසග සිරුර තවමත් එසේමය. වෙනසකට ඇත්තේ ඔහුගේ මුහුණ පුරා වැවී ඇති ඝණ රැවුලය. එහෙත් වයසට යෑමේ මායාව නැතිවය. මර්ලින්ගේ කර වටා කලුපාට පටියකි. (ඒක මොකක්ද කියලා පස්සෙ ඔයාලට දැනගන්න ලැබෙයි).
මර්ලින් ඔහුගේ ඇදුම්, කෝට් එක තොප්පිය සහ ඔහුගේ බෑගය කරමතින් එල්ලාගනියි.

Merlin Season 06 Script (Sinhala Translation)Where stories live. Discover now