" දැන් එතකොට කෝල් එකක් දෙන්න ෆෝන් එකකුත් නැත්තම් තමුන් මට කියන්නෙ කකුල කඩාගෙන ඇවිදින්න කියලද....? "
සෑහෙන වෙලාවක ඉදන් තමන්ට එහා පැත්තෙ ඉදගෙන ඔහේ බලාගෙන ඉන්න ජන්කුක්ගෙ ඇගට කඩාගෙන පනිමින් ටේහ්යුන් ඇහුවා.
" තුවාල හුගක් රිදෙනවද....? "
වේදනාත්මක මූනකින් ටේහ්යුන් දිහා බලමින් ජන්කුක් කතා කලා. ජන්කුක් ඒ දේ කොච්චර අහිංසක විදියට ඇහුවද කියනවනම් ටේගෙ හිතේ තිබ්බ තරහ ඒ වචන ටික නිසා එහෙම් පිටින්ම නැති වෙලා ගියා. ටේ ටික වෙලාවක් ජන්කුක්ගෙ මූන දිහාම බලන් හිටියෙ මුකුත් කියන්නැතුව.
" අහ්...ම්ම්ම්.... වැඩිය නෑ...."
එක පාරටම හීනෙන් ඇහැරිලා වගේ කියපු ටේ අහක බලාගත්තෙ තවත් මුකුත් නොකියමින්.
ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජන්කුක් පොඩ්ඩක් වටේ පිටේ ඇවිතලා හොද ලීපතුරක් හොයාගෙන ඇවිත් ආපහු ටේ ගාවෛන් වාඩි වුනා. තමන්ගෙ සුදු පාට අත් කොට ටීශර්ට් එකට උඩින් ඇදල හා ටපු ලානිල් ශර්ට් එක ගලවපු ජන්කුක් ඒකෙන් පටි කෑල්ලක් ඉරල අරගෙන ලී පතුර ටේගෙ කකුල උලුක් වුනු තැනින් තියලා පරිස්සමට ගැටගැහුවා.
" ම්....මොකද ඔය කරන්නේ....? "
ජන්කුක් කරන දේ හිතාගන්න බැරුව හිටපු ටේහ්යුන් ඇහුවා.
" දැනට මෙහෙම තියමු එතකොට ඩැමේජ් එක අඩු වෙය්. "
එහෙම කියමින් තමන්ගෙ වැඩේ ඉවර කරපු ජන්කුක් ටේහ්යුන්ට පිටිපස්ස හරවල දනගහ ගත්තේ ටේහ්යුන්ව තවත් පුදුම කරවමින්.
" නගින්න...."
" මොකක්....?? "
ජන්කුක් එකපාරටම කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි ටේහ්යුන් ඇසුත් ලොකු කරගෙන ඇහුවා.
" ආවෙ ෆුට් සය්කල් පදින්න තමා. කමක් නෑ මං piggyback ride එකක් එක්කන් යන්නම්....."
අකමැත්තෙන් වුනත් ජන්කුක් එහෙම කිව්වෙ ටේහ්යුන්ව තවත් පුදුම කරමින්. ජන්කුක් ටේහ්යුන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ ඇය් කියන්න හේතුවක් ජන්කුක් දන්නෙත් නැහැ. ඒත් බිම ඉදගෙන වේදනාවෙන් ඉන්න ටේහ්යුන්ව දැක්කම නම් ජන්කුක්ට දැනුනෙ අමුතුම හැගීමක්. මේ හැමදේම වුනේ තමන් නිසා කියලා ජන්කුක්ට හිතෙන්න ගත්තා. තමන්ගෙ හිතුවක්කාරකම නිසා වේදනා විදින ටේහ්යුන් වෙනුවෙන් මොනවහරි කරන්න ඕනෙ කියලා ජන්කුක්ට හිතුනා. හැමදේම තමන්ගෙ පිට පටවගත්තු නිසය් ජන්කුක් තව දුරටත් ටේහ්යුන්ට විදවන්න නොදී බලාගන්න හිතුවේ.