ජන්කුක්ගෙ සැලකිලි නිසත් තුවාල හුගක් බරපතල නොවුණු නිසත් ටේහ්යුන්ට ඉක්මනට සනීප වුනා. ඒත් ඇවිදිද්දි නම් එයාට දැනුනෙ අපහසුවක්. ජන්කුක් නිතරම ටේහ්යුන්ගෙ ලගම හිටියෙ පුලුවන්තරම් ටේහ්යුන්ව පරිස්සම් කරමින්.
" හියුන්.... තාම හරියට ඇවිදින්න බෑනේ.... මෙච්චර ඉක්මනට ඇවිදින්න ඕනෙමද...?"
අමාරුවෙන් ඇවිදින ටේහ්යුන් දිහා බලපු ජන්කුක් කට ඇද කර කර කිව්වා. ඒත් ජන්කුක් දිහා බලපු ටේ කලේ හොදටම රවපු එක.
" තමුසෙ තමා මාවත් කම්මැලි කරන්නේ... මෙහෙමවත් ඇවිදින්නැතුව මං කොහොමද යුනිවසිටි යන්නේ....? "
ටේ ජන්කුක්ට රව රව කියද්දි ජන්කුක් හිනාවෙන්න ගත්තේ හුරතල් විදියට හදන් ඉන්න ටේගෙ මූන දැකලා.
" හා හා හියු කැමති දෙයක් කරන්නකො.... ඔයාගෙ ගාඩියන් විදියට මෙන්න මේ කුකී ඉන්නවා....."
වැඩ්ඩ වගේ ටේගෙ කර වටේ අත යවමින් ජන්කුක් කියනකොට ටේ නම් බලාගෙන හිටියෙ කටත් ඇරගෙන.
" ගාඩියන්....??? මොන විකාර කතාවක්ද ඒ....?? "
ජන්කුක්ගෙ අත ගසල දාපු ටේහ්යුන් ආපහු රව රව කියන්න ගත්තා.
" ඉතින් හියුන්....ඔයාට තනියම මුකුත් කරගන්නත් බෑ... මං ඉන්න එපෑ එව්ව ඔක්කොම කරලා දෙන්න...."
තමන්ගෙ බනී දත් දෙක එලියට දාගෙන හුරතල් විදියට කියන ජන්කුක් දිහා ටේ බලාගෙන හිටියෙ ඇහිපිල්ලමක් වත් ගහන්නැතුව.
" කව්ද කිව්වෙ මට තනියම වැඩ කරගන්න බෑ කියලා. මෙච්චර කල් මට වැඩ කරල දුන්නෙත් තමුසෙයෑ...."
පියවි ලෝකෙට ආපු ටේහ්යුන් ආපහු ජන්කුක්ට කෑගහන්න ගත්තා. ජන්කුක් ගැන ටේහ්යුන්ගෙ හිතේ කිසිම තරහක් නොතිබ්බත් එයාගෙ හිතේ තියෙන හැගීම් හංගන්න ටේහ්යුන් කලේ හැමවෙලේම කෑ ගහන එක.
" කියන්න දෙයක් නෑ... මේ දවස් ටිකට හොදටම තේරුනා...."
ජන්කුක් වුනත් දැනගෙන හිටියා ටේහ්යුන් කෑගහන්නෙ එයාගෙ හැගීම පිටට එන එක නවත්තන්න කියලා. ජන්කුක් කොහොමත ටේහ්යුන්ව අවුස්සල ලොකු සතුටක් ලැබුවා.