බලෙන්ම ටේහ්යුන්ව කාර් එකට දාගත්තු මිස්ටර් කිම්ගෙ කට්ටිය ටේව අරගෙන කාවෙ කිම් හව්ස් එකට. මුලදි හය්යෙන් කෑගගහා පෙරලි කරපු ටේහ්යුන් කාර් එකට නැග්ග වෙලේ ඉදන් කිසිම සද්දයක් නැතුව ඔහේ ග්ලාස් එකෙන් එලියෙ බලාගෙන හිටියා. ඒ ඇස්වල තිබුනෙ හිස් බැල්මක්. කිසිම හැගීමක් ඒ ඇස්වල තිබ්බෙ නෑ.
ටේහ්යුන්ව එයාගෙ කාමරේට එක්ක ගියපු මිනිස්සු එයාව කාමරේට දාලා ලොක් කරා. ඒ කිසිම කෙනෙක්ට විරුද්ධව කෑ ගහන්නවත් අඩන්නවත් ටේහ්යුන්ට ශක්තියක් තිබ්බෙ නෑ. එයා දුර්වල වෙලා. මනස කඩාගෙන වැටිලා. හැම සතුටක්ම ඉවර වෙන්නය් යන්නෙ කියන හැගීම එයාව තවත් දුර්වල කලා.
" තමුසෙ අද දවසම මේක අස්සට වෙලා ඉදලා ඔය ඔලුවෙ තියෙන කුනු ගොඩවල් ටික හෝදලා අරිනවා. අර ෆය්ල්ස් ටිකත් චෙක් කරලා හෙට උදේම ලෑස්ති වෙනවා උත්සවේට..... "
ටිකකින් කාමරේ දොර ඇරන් ඇතුලට ආපු මිස්ටර් කිම් රලු විදියට කියලා ආපහු කාමරෙන් එලියට ගියේ දොරත් ලොක් කරන්.
ඇද ගාව බිමින් වාඩිවුනු ටේ පැය ගානක් ඔහේ බලාගෙන හිටියා. කිසිම හැගිමක්... කිසිම සිතුවිල්ලක්වත් නැතුව ඔහේ හිටියා. එයාගෙ මුලු ඔලුවම පටලැවිල්ලක් වෙලා. කිසිම දෙයක් වෙන් කරලා හිතාගන්න බැරි තරමට පැටලිලා. සැරෙන් සැරේ නයහෙන් පහලට වැක්කෙරෙන ලේ බින්දු පිහදාන එක විතරය් ටේහ්යුන් පෙන්නපු එකම චලනය.
පැය ගානක් එකම විදියට හිටපු ටේහ්යුන් එක පාරටම අඩන්න ගත්තා. එයා හය්යෙන් ඇඩුවා. හුගක් හය්යෙන්. උගුර ලේ රහ වෙනකම්ම කෑ ගහලා ඇඩුවා. බිම වාඩිවෙලා දනිස් දෙක අස්සෙ ඔලුව ගහගෙන ඇති වෙනකම් ඇඩුවා. මුලු ඇගම කදුලු වලිනුය් දාඩියෙනුය් තෙත් වෙලා. සැරෙන් සැරේ නහයෙන් වැටෙන ලේ බිංදු දකිද්දි ටේට දැනුනෙ තමන් ගැනම අප්පිරියාවක් වගේම අනුකම්පාවක්.
ටේහ්යුන් හිටියෙ කියාගන්න බැරි වේදනාවකින්. එයා ජීවිතේ බය වුනු එකම දේ... එයාගෙ ජීවිතෙත් අප්පගෙ ජීවිතේ වගේ වෙනවට එයා පොඩ්ඩ්ක්වත් කැමත් වුනේ නෑ. ටේහ්යුන් අප්පව දැක්කෙ යක්ශයෙක් විදියට. ඇය් අප්පාට බිස්නස් කියන රාක්ෂයගෙන් තොර ලෝකයක් නැත්තෙ. ඒ ජීවිතේට ටේහ්යුන් බය වුනා වගේම වෛර කලා. හුගක්...