ගෙවෙන හැම දවසක්ම ටේහ්යුන් ගත කලේ හරිම සතුටෙන්. ඉස්සර නිතරම රවාගෙන හිටපු කෙනා ජන්කුක් නිසා හිනාවුනා. ජන්කුක් නිසා ටේහ්යුන් කාලය ගත කලේ හරිම සැහැල්ලුවෙන්. බයෙන් දුකෙන් වේදනාවෙන් බර වෙලා තිබ්බ ඒ හිත එන්න එන්නම සැහැල්ලු වෙන්න ගත්තෙ ලස්සන ආදරයක් ඒ මුලු හදවතම අය්ති කරගත්තු නිසා වෙන්න ඇති.
සතියකට සැරයක් ටේහ්යුන්ට ඩොක්ටර් හම්බවෙලා ට්රීට්මන්ට්ස් ගන්න නියම වෙලා තිබ්බා. මොන වැඩේ තිබ්බත් ටේහ්යුන් එක්ක යන්න ජන්කුක් වෙලාව හදාගත්තා.
" එන්න එන්නම මෙයාගෙ තත්ත්වෙ හොද වෙනවා.... මං හිතන්නෙ ඔයා ලෙඩාව හොදට බලාගන්නව වගේ...."
ජන්කුක් දිහා ප්රශංසාත්මක බැල්මක් හෙලමින් ඩොක්ටර් හිනාවෙලා කිව්වා. ඇත්තටම ටේහ්යුන්ගෙ හැසිරීමෙ හිතාගන්න බැරි ලොකු වෙනසක් වෙලා තිබ්බා. එයා දැන් හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ කියලා දකින ඕනෙම කෙනෙක්ට හිතෙනවා. නිතරම හිටියෙ හිනා වෙලාමය්. එයාගෙ හිත හුගක් සතුටින්. කලින් හිත පුරාම උඩු දුවමින් තිබ්බ දුකත් වේදනාවත් ටිකෙන් ටික එයාව අතෑරලා ගිහින් සතුට ඇවිත් එයාව වෙලාගත්තා.
ඩොක්ටර් කිව්ව දේට හිනා වුනු ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලාගත්තා. එයාට මතක් වුනේ එදා හොස්පිට්ල් එකේදි ඩොක්ටර් තමන් ටේහ්යුන්ගෙ බෝය්ෆ්රෙන්ඩ් ද කියලා අහපු සිද්දිය. එදය්න් පස්සෙ දේවල් මොන තරම් වේගෙකින් සිද්ද වුනාද. ජන්කුක් හදවතින්ම සතුටු වෙනවා එයා ටේහ්යුන්ගෙ බෝය්ෆ්රෙන්ඩ් වුන එක ගැන. ටේහ්යුන් ඇතුලෙ හිටපු ලස්සන මනුස්සය එලියට ආවෙ ඒ නිසය්. ජන්කුක් ආදරේ කලෙත් ඒ ලස්සන හදවතක් තිබ්බ අහිංසක ටේහ්යුන්ට.
" බෙහෙත් වේල් මගහරින්න එපා. ඔයාගෙ තත්ත්වෙ දැන් අඩු නිසා මට සැර අඩු බෙහෙත් දෙන්න පුලුවන්...."
ඒ වචන ඇහෙද්දි ටේහ්යුන්ට නම් දැනුනෙ සහනයක්. ඒ බෙහෙත් වලට අධික සැර නිසාම එයා හුගක් වේදනා වින්දා. ඒත් දැන් හැමදේම හොද අතට හැරෙනවා. ටේහ්යුන් ඒ ගැන හිටියෙ සැනසීමෙන්.
"හොදය් මට කියන්න මිස්ටර් ටේහ්යුන්ට දැන් සාමාන්ය වෙලාවට දැනෙන්නෙ මොන වගේ හැගීම්ද....? නිතරම හිතට වදදෙන ප්රශ්න එහෙම තියෙනවද.....? "