ජන්කුක් ටේව පුලුවන් තරම් හොදින් බලාගත්තා. ටේට හොද වෙනකම්ම ජන්කුක් අතින්මය් එයාගෙ හැම.වැඩක්ම වුනේ. කවන පොවන එක වගේම අනික් හැම වැඩක්ම ජන්කුක් අතින් වුනා. ටේ ජන්කුක් මේ දේවල් කරන්න එද්දි කොච්චර කෑ ගැහුවත් පස්සෙ හැමදේම ජන්කුක්ට භාරදීල කට පියාගෙන හිටියා.
" එපා වෙන්නැද්ද ජන්කුක් ඔයාට....? පොඩි එකෙක් වගේ මාව බලාගන්නේ...."
ජන්කුක් හැමදේම බොහොම හොදින් කරනව බලාගෙන හිටපු ටේ බැරිම තැන් ඇහුවා.
" අනේ මන්දා.... අපේ හියුන් මට කියද්දි නම් මටත් තරහ ගියා. ඒත් දැන් නම් මං කැමැත්තෙන් කරන්නෙ මේක...."
ජන්කුක් හිනාවෙවී කිව්වෙ ටේව තවත් පුදුම කරවමින්.
" කැමැත්තෙන්....?? "
" හියුන් හරි වෙනස් කෙනෙක්... පිටට පෙන්නන සීතල මනුස්සය නෙමේ ඇත්තම හියුන්. මට ආසය් ඇත්ත හියුන්ව හොයාගන්න...."
ටේගෙ මූන ගාවට නැමිලා ජන්කුක් කතා කලේ ලස්සන හිනාවක් එක්ක. ටේ ඇස් පිය ගහන්නෙවත් නැතුව ජන්කුක් දිහා බලාගෙන හිටියෙ එයා කියන දේවල් තාමත් හරියට තේරුම් ගන්න බෑ වගේ.
" විකාර කියවන්නැතුව ඉන්න ජන්කුක්. පිටින් පේන කෙනාම තමා ඇත්තම ටේහ්යුන් කියන්නෙත්...."
ජන්කුක්ගෙ ඇස්වලින් තමන්ගෙ ඇස් අහකට ගන්න ගමන් ටේහ්යුන් කතා කලා.
" හැබැය්.... ජන්කුක් ඔයා නම් සෑහෙන්න වෙනස් වෙලා...."
ආපහු ජන්කුක්ගෙ ඇත්තට හැරෙමින් ටේ කියන්න ගත්තේ බැරෑරුම් මූනක් හදා ගනිමින්. ඒත් ජන්කුක් නම් කලේ ටේ දිහා බලල තමන්ගෙ බනී හිනාව දාපු එක.
" ඒක තේරුනා කියන්නේ... ඔයා ඇත්තම ජන්කුක්ව අදුරගත්තා කියන එක...."
ආපහු ඇවිත් ටේගෙ ඇදෙන් ඉදගන්න ගමන් ජන්කුක් කියාගෙන ගියා. ඒත් ටේගෙ මූනෙ තිබ්බෙ ප්රශ්නාර්තයක්.
" දන්නවද හියුන්... සාමාන්යයෙන් පිටට ඔඒන්න ඉන්න කුකිය් ඇත්ත කුකිය් අතර වෙනස දැනට අදුනගෙන ඉන්නෙ මගෙ ඔම්මය් අප්පය් හියුනුය් විතරය්. එතනින් පස්සෙ ඔයා තමය් ඇත්ත මාව අඳුන ගත්තේ...."