ටේහ්යුන් තමන්ගෙ වැඩ ඔක්කොම ඉවර කරලා තමන්ගෙ ඔෆිස් රූම් එකෙන් එලියට එද්දි දැක්කේ එයා එනකන් බලගෙන ඉන්න ජන්කුක්ව. ජන්කුක් ටේහ්යුන් දෙන්නා හුගක් දවස්වලට යුනි ආවේ ඉවර වෙලා ගියේ එකටමය්. යුනි එකේ අය එයාල ඉන්නෙ එකම ගෙදර කියලා දැනගෙන හිටියෙ නැති වුනත් එයාලා ඉන්නෙ එකම පැත්තෙ කියලා හිතපු නිසා කවුරුත් ඒක ප්රශ්නයක් කරගත්තෙ නෑ.
" අපි යං...."
ජන්කුක්ට හිනාවකින් සංග්රහ කරන ගමන් ටේහ්යුන් කිව්වා.
" හියුන්ට මේ ඉක්මනට අමතක වෙලානේ..... ඇය් මතක නැද්ද... මිස් සේහිව හම්බවෙන්න ප්රොමිස් වුනා නේ...."
ජන්කුක් හිනා වෙවී කිව්වෙ ටේහ්යුන්ට ඒ දේ එච්චර ඉක්මනට අමතක වුන නිසා.
" ඕ ශිට්..... දැන් මං යන්නම ඕනෙද....? "
ටේහ්යුන් කටත් ඇද කර කර කිව්වේ එයාගෙ හිතේ තිබ්බ අකමැත්තත් පෙන්නමින්. ජන්කුක් අත් දෙක බැදගෙන හිනාවෙවී ටේහ්යුන් දිහා බලාගෙන හිටියා.
" මං වැරදියට හිතය් කියලා නේද ඔය බොරුවට රගපාන්නේ.....?? "
ජන්කුක් හිනා වෙවී කිව්වත් ටේහ්යුන් නම් කලේ රවන එක.
" මට මොකටද ඔය සක්කරවට්ටම්.... ඊට වඩා යස්ස පැටියෙක් ඉද්දි....."
ජන්කුක් දිහා ඇස් කොනෙන් බලලා ටේහ්යුන් කියද්දි ජන්කුක් හය්යෙන් හිනාවෙන්න ගත්තා. ටේහ්යුනුත් ඒත් එක්ක එකතු වුනේ හිනා වෙවී.
" මට මගෙ හියුන්ව කොහොමත් විශ්වාසය්.... මට බය මිස් සේහි ගැන....."
යුනිවසිටි එකේ ගේට්ටුව ගාවට ටේහ්යුන් එක්ක ඇවිදන් යන ගමන් ජන්කුක් කිව්වා.
" එයා ගැන මොකට බය වෙන්නද....? එයානෙ මෙතන ඇවිත් හිසරදයක් වෙන්න යන්නේ..... "
ටේහ්යුන් ඕනවට එපාවට කිව්වා. මිස් සේහි හුග කාලෙක ඉදලා එයාගෙ ඇගේ එල්ලෙන්න එනවා කියලා ටේහ්යුන්ට වගේම ජන්කුක්ටත් තේරිලා තිබ්බේ. ටේහ්යුන් ඒ දේට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.
" ඔයාට එයත් එක්ක තරහය් කියලා මං දන්නවා.... ඒත් එයාගෙ හිත රිද්දන්නැතුව කියන්න ට්රය් කරන්න හරිද..... "