chapter 3

1.8K 274 47
                                    

Back to the past

princess bella ගේ ශාපයෙන් පසු වෘක රජුගේ සියළු දෙනා වෘකයන් බවට පත් වුණා... ඊට පසුව princess bella ත් වෘකයන් බවට පත් වූ සියළු දෙනත් බලා සිටියේ තමන්ට පලිගැනීමට අවස්ථාවක් ලැබෙන තුරුයි....

ඊට අවුරුදු 50 කට පසුව princess bella ගෙන් පලිගැනීම ටික කාලයකට නැවැත්වූ වෘකයන් කණ්ඩායම් වශයෙන් බෙදෙන්න පටන් ගත්තා... ඔවුන් තමන්ගෙ කණ්ඩායමේ නායකයා වශයෙන් Alpha කෙනෙක් ව පත් කරා..

ඒ කණ්ඩායම් අතරින් ප්‍රධාන රාජකීය කණ්ඩායම් තුනක් පැවතුණා... black wolf pack , red wolf pack , Rose pack යනුවෙන් හැදින්වූ වුණේ ඒ ප්‍රධාන රාජකීය කණ්ඩායම් තුනයි... මුල් කාලයෙදි ඔවුන් සමගියෙන් සිටියත් අවුරුදු ගණනකට පසුව සිදුවූ දෙයකින් ඒ සමඟිය නැති වුණා... කණ්ඩායම් දෙකක් සතුරන් බවට පත් වුණා... princess bella ට අමතරව ඔවුන්ට තවත් සතුරන් ඇති වුණා.. ඔවුන් ඔවුන්ගේ පරම්පරාවේ අයගෙන්ම පලි ගැනීමට පෙළඹුණා...

.................................................................

තමන්ගෙ කුටියට වී Alpha Joensan කල්පනා කරමින් සිටියෙ ටික දිනකට පෙර තමන්ගේ එකම දියණියව තමන්ගෙ mate කර ගත් yosan ගැනයි... තමන්ගේ දියණියව ආරක්ෂා කර ගත හැකි එකම පුද්ගලයා Yosan නිසයි Alpha Jeonsan දෙවරක් නොසිතාම තම දියණියව ඔහුගේ mate කිරීමට අවසර ලබා දුන්නේ... ඔහු හොඳින්ම දැන සිටියා රාජකීය Rose pack හි Alpha ගේ පුත්‍රයා තම දියණියව mate කර ගැනීමට බලා සිටින බව... නමුත් ඔහු ඉතා දරුණු පුද්ගලයෙකු වූ නිසයි Alpha Joensan තමන්ගේ දියණිය Rose pack Alpha ගේ පුත්‍රයාගේ mate වීම දැකීමට අකමැති වූයේ... එසේම Alpha දැන සිටියා ඔහු තමන්ගේ දියණියව ලබා ගැනීමට ඕනෑම දෙයක් කරන බව ඒ නිසයි තමන්ගේ දියණියගේ පළමු පරිවර්තනයටත් කලින්ම yosan ගේ mate කිරීමට අනුමැතිය ලබා දුන්නේ.....


ටික දිනක් ඔවුන් කදරයක් නැතිව සිටියත් කරදර පටන් ගත්තේ ඉන්පසුවයි...😈

.........🕜......

තවමත් පළමු පරිවර්තනයට පත් වී නොසිටි Alpha Joensan ගේ දියණිය Tesu ගේ පළමු පරිවර්තනය යෙදිලා තිබුණේ හෙටයි.. එනම් පුර හද පායන දවසේ යි...🌕🌃

......@🌃......

එදා Tesu ගොඩක් බියෙන් සිටියේ තමන්ගේ පළමු පරිවර්තනය තව ටික වේලාවකින් සිදුවන නිසයි... පළමු පරිවර්තනය දරා ගැනීම අපහසු බවත් තමන් විසින්ම තමන් තුළ සිටින වෘකයා පාලනය කළ යුතු බවත් ඇය දැන සිටියා...

The Lost LunaWhere stories live. Discover now