Chapter 15

1.3K 235 10
                                    

Rose pack alpha's p.o.v.

"උත්තමාවියනී....ඔබතුමියව හොයා ගන්න ලැබුණු එකට අපට ගොඩක් සතුටුයි...අපි කාලෙක ඉඳලා ඔබතුමියව හොයන්න උත්සහ කරේ....ඔබ තුමිය දන්නවනේ තාමත් කලින් Alpha ගෙ පුතා ජීවත් වෙනවා....එයාට Alpha තනතුර ලැබුණේ නැති නිසා එයා ඔබතුමියත් එක්ක කේන්තියෙන් ඇත්තේ...ඒක නිසා ඔබතුමිය ප්‍රවේශම් වන්න..."

" හරි...Sohyung ආයෙත් මට උත්තමාවිය , ඔබතුමිය කියලා කියන්න එපා..."

" ඒත්...කුමරියනි...."

" මං කිව්වනේ....එපා...."

මගේ pack එකේ elder කෙනෙක් වුණ Sohyung එහෙම කිව්වේ මාව හොයා ගත්ත සතුටත් එක්කයි...

මගේ pack house එකට මම පළවෙනි වතාවට ආවේ අදයි...මම මගේ ඇත්ත දැනගත්ත දවසේ ඉඳන් මට ඕනේ වුණේ මගේම pack එක හොයා ගන්නයි...දැන් ටික දවසකට කලින් මාව pack එකේ elder හොයා ගත්තේ මගේ කරේ තිබුණ rose pack ලාංඡනේ තිබුණ මාලේ  නිසයි...මම ඉපදෙන්නත් කලින් ඉඳන් මං ගැන අනාවැකි කියලා තිබුණ නිසා මට rose pack එකේ ලොකු කාර්ය භාර්යක් පැවරිලා තිබුණා...ඉස්සර ඉඳන්ම අපේ pack එකත් එක්ක black wolf pack එක ඒ තරම් සහයෝගෙන් ඉඳලා නෑ... black wolf pack එකේ අය මේ වෙනකොටත් අපේ pack එකේ වෘකයෝ ගොඩක් මරලා තිබුණා... black wolf pack එකේ අයත් එක්ක දිගටම මට මේ වෛරය තියා ගන්න ඕනේ වුණේ නෑ...ඒත් එයාලා එන්න එන්නම අපේ pack එකේ වෘකයන්ව මරන්න ගනිද්දී මටත් බලා ගෙන ඉන්න බැරි වුණා....ඒ නිසා මමත් black wolf pack එකට දෙවෙනි වෙන්නේ නැතුව එයාලට පහර දෙන්න නියෝග කරා..මාව Alpha විදියට පිළිගෙන ඒ තරම් කාලයක් ගිහින් තිබුණේ නැති වුණත් අපේ pack එකේ වෘකයෝ මේ විදියට අඩු වෙද්දි මට මුකුත් නොකර ඉන්න බැරි වුණා...මට ඕනේ වුණේ black wolf pack Alpha ව හොයා ගෙන මේක සාමකාමීව විසඳ ගන්නයි...ඒත් black wolf pack Alpha මාව මරන්න හොයනවා කියලා දැනගත්ත නිසා මට හිතුණේ එයා මේක ලේසියෙන් අත අරින්නේ නැති වෙයි කියලයි... ඒ නිසා මමත් සුදානම් වුණේ එයාලට නොදෙවෙනිව අද රෑට එයාලට පහර දෙන්න කණ්ඩායමක් යවන්නයි....හැමදේටම කලින් මට ඕනේ වුණේ black wolf pack house එක තියෙන තැන හොයා ගන්නයි...

මේ වෙනකොටත් මගේ පළමු පරිවර්තනේ වෙලා තිබුණ නිසා මට කිසි දේකට බය වෙන්න ඕනෙ වුණේ නෑ...මට මාව ආරක්ෂා කරගන්න පුළුවන් තත්වෙක මේ වෙනකොටත් මම හිටියා...

The Lost LunaWhere stories live. Discover now