Jk's p.o.v.
Rose pack alpha හිමින් හිමින් කන්දෙන් බැහැලා අපේ පැත්තට එන කොට මට දැනුණේ හරිම අමුතු හැඟීමක්...තාමත් මට එයාගේ මූණ බලා ගන්න ලැබුණේ නැත්තේ අවට තිබුණු ඝන ඇඳුර නිසයි....මට දැනුණේ මාව rose pack alpha ළඟට ඇදිලා යනවා වගෙයි...මට එයා ගාවින්ම ඉන්න ඕනේ වුණා....ඒ දැනුණු සුවඳ....ඒ සුවඳ මාව කොච්චර වශි කර ගත්තද කිව්වොත් මට අනිත් හැමදේම අමතක වෙලා ගියා...අඩුම තරමේ මගේ ඔම්මාගේ මරණෙට වග කියන්න ඕනේ ඒ මිනීමරුවව විනාශ කරන්න ඕනේ කියලවත් මට මතක් වුණේ නෑ....එතන සටනක් වුණාද නැද්ද කියලවත් මට කිසිම ගානක් තිබුණේ නෑ...මට ඕනෙ වුණේ එකම එක දෙයයි...ඒ අර කන්දෙන් පල්ලෙහාට බැහැ ගෙන එන ඒ alpha ළඟට යන්නයි....
ටිකකින් Alpha අපි ඉන්න පැත්තට එනකොට මගේ කට ඉබේටම ඇරුණේ ඒ කෙනාගේ මූණ දැකලයි...ඒ කෙනා දැකලා මාව ගොළු වුණේ මම මේ තරම් කාලයක් හොයපු මගේ එකම හතුරා කියලා හිතන් ඉඳපු ඒ rose pack alpha මගේම mate කියලා දැකපු වෙලාවෙයි...
" Yu....Yunbi....ඔ...ඔයා...."
" ඔව් Jk මමයි ඒ Alpha...මමයි ඔයා මෙච්චර කාලයක් හොයපු ඔයාගේ එකම හතුරා...ඒ වගේම මමයි ඔයාගේ mate...."
"ඒ...ඒත්...එහෙම වෙන්නේ කොහොමද...😲😓 එ...එතකොට Shinbi ත් වෘකයෙක්ද...."
" නෑ Jk...ඔයාලට මම ඒ හැමදේම පස්සේ විස්තර කරන්නම්...ඒත් ඊට කලින් මට කරන්න වැඩක් තියෙනවා...."
එහෙම කියපු මගේ luna කෙලින්ම ගියේ කලින් rose pack alpha ගේ පුතා ළඟටයි...කෙලින්ම එයාගේ බෙල්ලෙන්ම අල්ල ගත්ත Yunbiya එතන තිබුණ ගහක් ළඟට යනකන්ම අරයව තල්ලු කර ගෙන ගියා...එයාගේ බෙල්ලෙන් අල්ල ගෙනම ගහට හේත්තු කරේ හයියෙන් කෑගහන ගමනුයි...
" කොහෙද කියනවා මගේ අක්කා....තමුන් princess bella ට නේ වැඩ කරන්නේ....කියනවා කොහෙද මගේ අක්කා..."
" මම මොකටද තමුනන්ට ඒ ගැන කියන්නේ කෙල්ලෙ...තමුන්ලා එහෙට ගියත් මේ වෙනකොටත් ඒ කෙල්ලව මරලා දාලා ඇති....තමුන්ලටත් උරුම ඒ දේම තමයි..."
" කට වහනවා...තමුන් මගෙන් මැරුම් නොකා කියනවා මගේ අක්කා කොහෙද කියලා...."
" මම තමුන්ට ඒ ගැන දැනගන්න ඉඩ තියන්නේ නෑ කෙල්ලේ..."
" කෙල්ලෙ...?? හහ් තමුන්ට කොහෙන්ද තමන්ගේ Alpha ට ඔහොම කතා කරන්න තරම් හයියක්...."
YOU ARE READING
The Lost Luna
Werewolfඅනාවැකියක් නිසා සොයායන කුමාරිකාවක්... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකක් ... අසාමාන්‍ය මිනිස් දුවක්... වෘකයෙකුගේ ආදරයක්... පළිගැනීමට බලා සිටිනා දුෂ්ටියක්.. අනාවැකියෙන් කියවෙන කුමාරිකාව කවුරුන් විය හැකිද... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකට යළිත් එකතු විය හැකි ද...