Chapter 2 - රහස් පරික්ෂකයෙක්

826 153 9
                                    

Love Me Again

Chapter 2

____________________________________

- Jungkook pov -

" අහ්හෙම් .. "

බොසාගෙ ඔෆිස් එකෙන් ඇවිත් වැඩ භාර අරගෙන මට ලැබුණු ඔෆිස් රූම් එකට ගිහින් කරපු පළවෙනි වැඩේ ටේටෙට කෝල් එකක් ගත්ත එක ..

අපේ බොසා ස්කෝලෙදි අපි තුන් දෙනාට කෑම ඇදපු එකා කියලා කියන්න යනකොටම දොර ළඟින් ඇහුන උගුර පාදන සද්දෙට මම ඒ පැත්ත බැලුවෙ ගැස්සිලා ..

' හුටා නම්ජුන්ෂී නේද ..? ඇහුනද දන්නෑ .. ඒත් ඉතිං ඇහෙන්න තරම් දෙයක් කියවුණේ නෑනෙ .. බය වෙන්න එපා ජන්ගුකා .. බය ! මේ මම !! පිස්සුද ? '

මේ වෙලාවට හිතත් පිස්සු නටනවා .. නම්ජුන් කියන්නෙත් මේ කම්පැනි එකේ ඩිරෙක්ටර් ඉන්න කෙනෙක් වගේම මම ඉන්නෙ එයාගෙ යටතෙ ..

" නම්ජුන්ෂී , එන්න ඇතුළට .. "

මම එහෙම කිව්වෙ කෝල් එක ටේටෙට කියන්නෙවත් නැතුව කට් කරලා ඉඳන් හිටපු තැනිනුත් නැගිටලා ..

" මම මේ ආවෙ මිස්‍ටර් ජන්ග්ගෙ පණිවිඩයක් කියන්න .. ජන්ගුක් ඔයාට එන්න කිව්ව ඔෆිස් එකට දැම්මම .. මම යන්නම් .. "

' මුගෙ පුදුම ගෑස්නෙ තියෙන්නෙ .. '

දොර ළඟ ඉඳන්ම එහෙම කියලා නම්ජුන්ෂී යද්දි මගෙ හිත කිව්වෙ ඔහොමයි .. මොනවා කරන්නද ..? මගේ හිත වැඩ කරන්නෙ මට ඕනි විදිහටයෑ ගරු කිරීම කියන දේ මගෙ හිතේ ගෑවිලාවත් නෑ දන්න විදිහට ..

ඒත් දැන් තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි ජජන්ම්‍යොන් මට මොකටද එන්න කිව්වෙ කියන එක .. අහ් , ජජන්ම්‍යොන් කියන්නෙ අපේ බොසාට ස්කූල් එකේදි මම දාපු කාඩ් එක ..

අපේ සීනයර් කෙනෙක් වුණත් රණ්ඩු වලට එහෙම ගියෙ නෑ .. අපි පොඩි උන් වුණත් අපි කියන හැමදේම කළා .. හේතුව නම් මොකක්ද දන්නෑ .. වැඩි හරියක් මම නම් කළේ කෑම අද්දවගන්න එක .. පට්ට රහ කෑම ටිකක් උස්සන් එනවා .. ජජන්ම්‍යොන් උඩින්ම තියෙන්නෙ .. ඉතිං කාඩ් එක ජජන්ම්‍යොන් ..

" හෝසොක්ෂී , මේ අයි කම් ඉන් ..? "

මම ඉතිං ගෞරව කරලා කතා කළේ මේක ස්කූල් එක නෙවෙයි නිසා ජජන්ම්‍යොන් කියන්න බෑනෙ .. මගෙ බොසානෙ මොනවා වුණත් ..
මෙයාව දැක්කහම මට අහන්න දෙයකුත් මතක් වෙනවා .. ඒත් ආයෙ හිතෙනවා ඕනි නෑ කියලා ..

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now