Chapter 5 - යුන්ගිගෙන් වෝනින් එකක්

592 127 23
                                    

Love  Me Again

Chapter 5

____________________________________

- Jungkook pov -

" ජන්ගුකා !! "

මම ගැස්සිලා ගියේ යුන්ගි හ්‍යුන් මගේ කනටම කරලා කෑ ගහපු නිසා ....

" ඇ ඇයි හ්‍යුන් ...? "

මම ඇහුවෙ මගෙ දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න යුන්ගි හ්‍යුන්ගෙන් .... ටේ යුන්ගි හ්‍යුන්ට හේත්තුවක් දාගෙන නිදි .... වෙනදා නම් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත ....

" ඈ බං උඹේ කනේ දෝෂයක් ආවෙ කවදා ඉඳලද කියහන් .... මම දැන් කී පාරක් කතා කළාද .... ඒ මදිවට මේ කොටියත් නිදි .... "

යුන්ගි හ්‍යුන් කිව්වෙ ටේව ඇහැරවන්න හොලවන ගමන් .... ඌ නම් මලාට නැගිටින්නෙ නැති පාටයි .... කෙළ පෙර පෙර නිදි ....

" ඇයි හ්‍යුන් කතා කළේ ....? "

මම ඇහුවෙ ඒක දැනගෙන ඉන්න ඕනි නිසා ....

" යකූ ඇත්තටම කන් දෙක කටේද තියෙන්නෙ ....? බෙල් කළා .... ආර්ට් නෙහ් තියෙනවා කිව්වෙ ....? "

හ්‍යුන් එහෙම කියද්දි මම ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියා .... ඇත්තටම මට බෙල් කරනවා ඇහුනෙ නෑ ....

" ආ... ආ... මේ හ්‍යුන් බෙල් කළාද ....? ටේ නැගිටපන් කොටියෝ .... යන්නෙ නැද්ද ....? "

මම කලබල වෙලා ටේගෙ ඔළුවටත් එකක් හයියෙන් ගහලා ඉඳන් හිටපු බැම්මෙන් පනින්න හදනකොට යුන්ගි හ්‍යුන් මගෙ අතින් අල්ල ගත්තෙ හිනා වෙවී .... ටේත් මූණ දෙක කරන් මට දමාගෙන ඔරවනවා ඔළුවත් අත ගගා ....

" තව විනාඩි පහක් තියෙනවා බෙල් කරන්න .... හිටපන් පොඩ්ඩක් .... "

' ආයිෂ් මේ හ්‍යුන් නම් .... '

මම ඔරවලා අනිත් පැත්ත බලා ගත්තෙ හ්‍යුන් ටිකක් සද්දෙට හිනා වෙද්දි ....

" මගේ ඔළුව ඇදුන් කනවා තෝ ගහපු එකට .... බත්ද කන්නෙ යකඩද ....? "

ඒ අස්සෙ ටේ කෑ ගහනවා ....

" ආ හා නවත්ත ගන්නවා .... ගිහින් මූණ හෝදගෙන එනවා මුලින්ම .... "

කියලා යුන්ගි හ්‍යුන් ටේව එලෙව්වා .... ඊට පස්සෙ සීරියස් මූඩ් එකක් අරන් මගේ පැත්තට හැරුනා ....

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now