Chapter 7 - අමුතු හැඟීමක්

565 126 19
                                    

Love Me Again


___________________________________

- No One POV -

යුන්ගිගෙ වෝනින් එක නිසා ජිමින් ජන්ගුක්ගෙන් ඈත් වෙලා ජන්ගුක්ට නොපෙනී ඉන්න හැම වෙලාවෙම උත්සහ කළා ..

ඒත් ජන්ගුක්ට පුංචි කරදරයක් අපහසුවක් වුණ හැම වෙලාවෙම ඒ උත්සාහය වතුරෙ යන්නෙ ගඟට කපපු ඉනි වගේ .. මොකද ජිමින්ගෙ ඇස් හැම වෙලාවෙම තිබුණෙ ජන්ගුක් ළඟ .. හෝබි යුන්ගිගෙ වෝර්න් එක නිසා ජිමින්ව මේකෙන් ඈත් කරන්න හැදුවත් ජිමින්ගෙ උත්තරේ වුණේ ,

" ඒක කරන්න බෑ හෝබා .. මං උත්සහ කළා .. යුන්ගියා ගැන මං දන්නවා .. ඒත් මට බෑ .. "

කියන එක .. අන්තිමට හෝබි වැඩේ අතෑරලා දැම්මා ..

හැම වෙලාවෙම ජන්ගුක්ට ජිමින් මෙහෙම එයා ගැන හොයලා බලන එක , පස්සෙන්ම ඉන්න එක වදයක් වුණා ..

" මං තමුන්ට ආයෙ කියන්නෑ පාර්ක් ජිමින් ෂී .. මට එක එකාගෙන් කතා අහගන්න ඕනි නෑ .. කලිනුත් මම කිව්වා .. මට කලින් යුන්ගි හ්‍යුනුත් කිව්වා .. කියන දේ තේරෙන්නෙ නැද්ද ..? මට සිහියක් පතක් නැතුව මඟ වැටිලා හිටියත් බලන්න එපා ..  මේ මං කියන අන්තිම වතාව .. ඊළඟ පාර මම පාවිච්චි කරන්නෙ මගෙ අත කියලා මතක තියා ගන්නවා .. "

ඒ විදිහට ජන්ගුක් ජිමින්ට කෑ ගහන්නෙ එයාගෙ හයි ස්කූල් එකේ පළවෙනි වසරෙ අන්තිම මාසෙට කලින් මාසෙ .. ඒ කොල්ලෙක් එක්ක ගහ ගනිද්දි තුවල වුණ එයාගෙ අතට ජිමින් බෙහෙත් දාන්න ආපු නිසා ..

කලින් වතා වලත් ජන්ගුක් මේ විදිහටම කියලා තියෙනවා .. මුලින් නම් මේ ඉන්නෙ තමන්ගෙ සීනියර් කෙනෙක් කියලා තේරුම් කරලා දෙන්න උත්සහ කළා .. ජිමින් ඒ හැම වෙලාවකම වගේම දැනුත් ජන්ගුක් ඉස්සරහ නිහඬයි ..

මේ ගෙවෙන්නෙ ජිමින් විතරක් නෙවෙයි යුන්ගි වගේම හෝබිගෙ වයස හැමෝගෙම අවසන් මාස දෙක හයි ස්කූල් එකේ .. ශීහ නිවාඩුවට කලින් එයාලගෙ Final exam එක තියනවා වගේම Graduation  එකත් තියෙනවා .. ස්කූල් එකට ජන්ගුක් ආවට පස්සෙ ගෙවුණ හැම මාසයකම ජිමින් කොච්චර උත්සහ කළත් අන්තිමට නැවතුනේ ජන්ගුක් ඉස්සරහමයි ..

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now