Chapter 17 - මඟ හැරීම්

493 112 17
                                    

Love Me Again


___________________________________

- Jungkook's POV -

දවස් ගෙවිලා ගියේ හරිම වේගෙන් .. හැමදේම වෙනස් වෙයි කියලයි හිතුවෙ .. හැබැයි , මගෙ හිතට දැනුනෙ හිස් හැඟීමක් ..

මගෙ පුංචි ප්‍රින්සස්ට දැන් ටිකක් සනීපයි .. එයාව ගෙදර එක්කන් ගියා .. ටේටෙ එයාගෙ බිස්නස් වැඩ නිසා දැන් නිතරම ඉන්නෙ සෝල් වල .. ඒ නිසාම යුන්ගි හ්‍යුන්ත් සෝල් වලම වැඩ කරන්න පටන් ගත්තා .. දෙන්නම හෝබි හ්‍යුන්ගෙ ගෙදර නැවතුනේ හැමදාම එයාලට නිදහසේ කතා කරන්නවත් හම්බවෙන්නෙ රෑ විතරයි කියලා ..

මමත් දැන් ඉන්නෙ එහෙ .. එයාලගෙ ලව් ඉලව් වලට භාදා නොකර මගේම මනෝ ලෝකෙක ජීවත් වෙන්න පටන් ගත්තා .. ලැබෙන්නෙ නැත්තම් ලැබෙනවා කියලා ටිකකට හිතලා හිත සනස ගත්තට වරදක් නෑනෙ ..?

ඔෆිස් එකේ වැඩ වලට වැඩිය මං දැන් ඉන්නෙ ජිමිනි හ්‍යුන්ලගෙ ගෙදර .. හෝබි හ්‍යුන් මාව ප්‍රින්සස්ට ළං කරන්න හදන්නෙ .. ඒත් ඒක ලේසි නෑ ..එයාගෙ අප්පගෙ දැන් තියෙන ගෑස් ටිකම මට දානවා තාම හරියකටම සනීප නොවුණත් ..

එතකොට මගෙ හ්‍යුන් , එයා දැන් පාර්ක් අංකල් එක්ක ටික ටික හොඳ වීගෙන එනවා .. ඒත් ඒක එහෙමට පේන්නෙ නෑ .. පුදුම නපුරු කමක් මූණෙ තියෙන්නෙ .. ප්‍රින්සස් එක්ක ඉද්දි විතරයි හිනා වෙලා ඉන්නෙ .. ජින් හ්‍යුන් කොරියාවෙන් පිට තියෙන PJ ගෲප් එකට අයිති කම්පැනි ගැන බලන අතරෙ ජිමිනි හ්‍යුන්ට මෙහෙ එක භාර දුන්නා .. එයා ඒකට එපා කිව්වෙ නෑ .. පාර්ක් අංක්ල් ටිකක් සතුටින් ඉන්නවා දැන් .. මං එහෙ යන වෙලාවට ඒක දකිනවා .. ජිමිනි හ්‍යුන් තාම හරියටම පාර්ක් අංකල්ට තියෙන අසනීපෙ ගැන දන්නෙ නැද්ද මන්දා .. ජින් හ්‍යුන් එහෙම අංකල්ගෙ ට්‍රීට්මන් වල වැඩත් බලවා .. ජිමිනි හ්‍යුන් එදා හොස්පිටල් එකේදි හිටපු විදිහෙන් සම්පූර්ණ වෙනස් දැන් ඉන්න විදිහ ..

මොනවා වුණත් මං හිතුවෙ එදා හොස්පිටල් එකේදි මාව එයාට තුරුල් කර ගනිද්දි නළලට කිස් එකක් දුන්නහම එයා තාමත් මට ආදරය කරනවා ඇති කියලා .. ඒත් එහෙම නෑ වගේ .. එයා මාව මඟ හරිනවා ..

,,, මාව එපාද හ්‍යුන් ..? මං කම්පැනි එකේදි ඔයාව මුලින්ම දැක්ක දවසෙ ඉඳන් මාත් එක්ක වැඩි කතා බහක් නොකලා වගේ ආයෙත් ඉන්නෙ ඇයි හ්‍යුන් ..? ඔයාගෙ එක හිනාවක් ඇති මට .. ඒත් ඔයා එහෙමවත් මට සතුටක් දෙන්නෙ නෑනෙ .. ආසයි ඔය පපුවට තුරුල් වෙලා ඉන්න .. හ්‍යුන් ඔෆිස් ගිහින් ආවහම ඔයාගෙ මහන්සිය යනකම් ඔළුව අත ගාන්න , ඔයයි ප්‍රින්සස් එක්කයි සෙල්ලම් කරන්න .. මට හරි ආසයි හ්‍යුන් .. අඩුම ජන්ගුක් නොකියා එදා වගේ කුකී කියලවත් කතා කරන්නකෝ .. ,,,

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now