Chapter 10 - හිතන්නවත් එපා

572 122 41
                                    

Love Me Again

____________________________________

- No One POV -

" ක්..ක්වෙන්චානා .. !? "

බිම වැටුන ටේ අත පිහි දදා ඉද්දි ඇහුන කටහඬ නිසා ඔළුව ඉස්සුවෙ ඉක්මනින් .. ටේගෙ මූණ හරියටම දැක්ක ඒ ඇස් ගැස්සෙනවා ටේ බලාගෙන ..

ටේ ඒත් එක්කම බැලුවෙ එයාගෙ කා එක දිහා .. ඒ වෙනකොටත් කා එකේ හිටපු කෙනා බැහැලා වේගවත් අඩි තියන ගමන් එයාලා ළඟට එනවා ..

" ටේ ඔයා කුකී එක්ක ඉන්න .. මම එන්නම් ඉක්මනින් .. කුකී ටේව බලා ගන්න .. "

ඒ ආපු කෙනා කිව්වෙ ඒත් එක්කම බිම වැටුන කෙනාගෙ අතකිනුත් ඇදලා එයාව නැගිට්ටවලා එයා ළඟට ගන්න ගමන් ..

" යා යුන්..ගියා යා අතාරිනවා මෝඩයෝ .. රිදෙනවා .. "

ඔව් ඒ ආවෙ යුන්ගි .. එයා තද කරලා අතින් අල්ලන් ඉන්නෙ කවුරු හරි ඇවිත් ඒ කෙනාව ඇදගෙන යයි කියලා හිතාගෙන වගේ .. ඒ ඇස් වල කේන්තියකුත් ..

" ජන්ග් හෝසොක් , තමුන් කටවහගෙන මගෙ පස්සෙන් එනවා .. "

ඒ කේන්තියෙන්ම කිව්වෙ හෝබිට .. අවුරුදු දහයක කේන්තියක් ..

" ටේටෙ මොකක්ද මෙතන වෙන්නෙ .. ? "

ටේටෙ වැටුන ගමන් එතනට දුවලා ආව කුකී ඇහුවෙ වෙන්නෙ මොකක්ද හිතා ගන්න බැරුව ..

" උඹ දැනගනියි බං .. මට කලින් එන්න ඕනි වුණා .. හ්‍යුන් නැතුව මං ඇවිත් වැඩක් නෑනෙ .. ඒත් හ්‍යුන්ගෙ පරික්ෂණාගාරෙ වගේ තියන් ඉන්න ස්ටූඩියෝ එකට මොකෙට්ටවත් එන්න එපා කියලා ඔම්මට කියලා .. ඉතිං හ්‍යුන්ව හම්බවෙන්න පුළුවන් වුණේ ඊයෙ හවස එයා සෝන්ග් එක ඉවර කළාම .. හෝබි හ්‍යුන් අද හොඳ දෙකක් අහගෙන මං ළඟට එයිනෙ .. "

ටේටෙ යුන්ගි හෝබිව ඇදන් යන දිහා දුකින් බලාගෙන කියද්දි කුකී ටේ දිහා බලන් හිටියෙ මොන අපබ්‍රංශයක්ද මේ කියන්නෙ කියලා ..

" මොනවද බං කියන්නෙ ..? ටිකක් තේරෙන්න කියහන්කො .. ! "

ඒ නිසාම ටේගෙ උරහිස් දෙකෙන් අල්ලලා තමන් දිහාවට හරවගෙන කුකී ඇහුවෙ ඒ ආපු කාර් එක එතනින් ගිය ගමන් ..

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now