Chapter 8 - වෙනස් වෙලා

553 132 15
                                    

Love Me Again


___________________________________

- Jungkook's POV -

,,, අන්තිමට මං හීනෙන් දකින ඒ ඇස් හැබැහින්ම දකින්න පුළුවන් වුණා .. දැන් ඇස් විතරක් නෙවෙයි ඒ මුළු මූණම මට හීනෙන් පේනවා .. ඒත් හීනෙට වඩා හැබැහින් දකිද්දි කොච්චර වෙනස්ද ..? ඔයා ඔච්චර වෙනස් වුණේ කොහොමද හ්‍යුන් ..? ,,,

මං ජිමින් හ්‍යුන්ව මතක් කර කර මේසෙ උඩ පෙරලල තිබුණ ෆයිල් එකේ කොල අතරෙ ඇස් එහෙට මෙහෙට කර කර ඉන්නකොටම ටේබල් එක උඩ තිබුණ ඔෆිස් එකේ ෆෝන් එක රින්ග් වුණා ..

" යොබ්බුසේයො ..!! "

කව්ද කියලා දන්නෙ නැති වුණත් මං ආන්සර් කළා ..

" අහ් , ජන්ගුක් ෂී .. මේ මම ජිමින් .. "

ඒ කටහඬ ඇහෙද්දි මට හිතුනෙ ෆෝන් එක දිගේ ගිහින් මගෙ හාර්ට් බීට් එක එයාට ඇහෙයි කියලා .. එයා ගැන හිත හිත ඉද්දිමනෙ කෝල් එක ආවෙත් ..

" අ..හ් ම් දේ , කි..කියන්න හ.. ම්ම් ජිමින්ෂී .. "

එයාට හ්‍යුන් කියන්න තරම් මං එයාට ළඟ නෑනෙ ..

" නම්ජුන්ෂී කිව්වා උදේ දීපු ෆයිල් එක කම්ප්ලීට් කරලා දෙන්න කියලා අද හවස දෙක වෙනකොට .. "

එයා එක දිගට කියාගෙන ගියා ..

" ම්ම් ඕකෙ .. "

මම කිව්වහම ,,

" හම් "

මට එයාගෙන් අහන්න ඕනි වුණේ අද ලන්ච් එකට එනවද කියලා .. දැන් සතියක විතර ඉඳලා මටත් හෝබි හ්‍යුන් ඒ කිව්වෙ අපෙ ජජම්‍යොන් , මින් හො හ්‍යුන් නම්ජුන්ෂී ජිමින් හ්‍යුන් අහ් අර ජැක්සන් කාරයත් ඉන්නවා ඉඳලා හිටලා ජින් හ්‍යුනුත් එනවා .. එයාලත් එක්ක දවල් කෑම ගන්න හම්බවුණා ..

" ජි.. අහ් , ඒ ඩිංගට තිබ්බද ..!? ඔයා මම දන්න ජිමින් හ්‍යුන් නෙවෙයිද ..? "

එයා ෆෝන් එක තියලත් ඉවරයි ..

,,, සති දෙකක් වෙනවා ජිමින් හ්‍යුන් මං ඔයාව දැකලා .. ඒත් ඔයා කලින් වගේ නෙවෙයි මං දිහා බැලන්නෙ .. ඔය ඇස් වල හැඟීමක් නෑ .. අර ඉස්සර දිලිසුන ඇස් නෙවෙයි තියෙන්නෙ .. ඇයි ..? ඔයාලගෙ graduation එකෙන් පස්සෙ මට ඔයා නැති අඩුව ගොඩක් දැනුනා .. අඩුම ඔයා ඉන්නෙ කොහෙද කියලා දැන ගන්න මං ගොඩක් උත්සහ කළා .. හ්හම් , ඔයා ඒවා දන්නෙ නෑනෙ .. ,,,

කාලය හැමදේම වෙනස් කරනවා කියලා අහලා තියෙනවා .. ඒත් එයාගෙ හිතේ මං ගැන තිබුණ අදහස වෙනස් නොවී තාමත් ඒ විදිහටම තියෙනවා නම් ..

____________ Time Pass ____________

" ම්ම්ම් දේ ජිමිනි , ඔයා එහෙනම් ජැක්සන් එක්කම යන්නකෝ .."

මං නම්ජුන්ෂීගෙ ඔෆිස් රූම් එකට යනකොට නම්ජුන්ෂී ජිමින් හ්‍යුන්ට කියනවා මට ඇහුනා ..

මං ජිමින් හ්‍යුන්ව දැක්ක දවසෙ ඉඳලා අකමැතිම දෙයක් තමයි එයා ජැක්සන් එක්ක ඉන්න එක .. එයා හෝබි හ්‍යුන්ටත් වැඩිය ජැක්සන්ට ළං වෙලා වගේ ඉන්නෙ .. අනිත් අයට ඒක ගාණක් නැති වුණත් මට ඒ වෙලාවට ජැක්සන්ගෙ හොම්බ තලන්න හිතෙනවා .. ජිමින් හ්‍යුන් මගේ ..

" ඔහ් , හා පැටියා ..!! "

මං ඇතුළට යන්න හදනකොටම ජිමින් හ්‍යුන් එක්ක එළියට ආපු ජැක්සන් ගැස්සිලා කිව්වා ..

,,, මොකක් හා පැටියා .. පෙන්නනවා මම හා පැටියා කව්ද කියලා .. ,,,

මං හිතුවෙ ජිමින් හ්‍යුන්ගෙ කරේ තිබුණ ජැක්සන්ගෙ අත දිහා බලන ගමන් ..

" ජැක්සන්ෂී , මට ඇතුළට යන්න ඕනි .. "

මං කිව්වෙ තවත් එතන හිටියොත් ඇත්තටම ඒකගෙ හොම්බ තලයි කියලා හිතලා ..

" ජැකී , අපිට පරක්කු වෙනවා .. යමුද ..? "

ජිමින් හ්‍යුන් මගෙ දිහා නොබලා එහෙම කියන ගමන් ජැක්සන්වත් ඇදගෙන ගියා .. ඒකට නම් දුක හිතුනා .. මාව පොඩ්ඩක්වත් ගනන් ගන්නෙ නෑ .. එයා ඉන්නෙ රොබෝ කෙනෙක් වගේ හෝබි හ්‍යුන් එක්කයි ජැක්වෙක්කයි විතරක් ඇයි ඔහොම ඉන්නෙ ..?

හුස්මක් අතෑරලා මං ඇතුළට ගියේ නම්ජුන්ෂී එක්ක ඊළඟ මීටින් එකට කරන්න ඕනි වැඩ වගයක් කතා කරගන්නයි එයා ඉල්ලපු ෆයිල් එක දෙන්නයි ..

To be continued
____________________________________

හායි FAMILY !!

මේ අහන්නකූ ඔළුවට ආව Plot එක වෙනස් වෙලා .. මගේ තවත් ff එකකට මේ සෙතේම වුණා 😢 ඒක නම් ශිප් ස්ටෝරියක් නෙවෙයි .. 🙂🙂

කෝම හරි , ම්ම්ම් මේක මං ශෝර්ට් චැප්ස් එක්ක ඉවර කරන්නද ..?

ටික කාලයක් Unpunish කරලනෙ තිබුණෙ .. ඉතිං තේලෙනවනෙ මං කීන දේ .. 🙂🙂🙂🙂🙂🙂

තව කොටස් 07 කින් වගේ ඉවර කරම්නද ..?

I 💜️ U FAMILY 😘

- KJM -

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now