Chapter 14 - තමන්ගෙ නොවුණත්

516 113 11
                                    

Love Me Again


____________________________________

- No One POV -

" දැන් බය වෙන්න දෙයක් නෑ මිස්ටර් පාර්ක් .. ඔයාගෙ දුව හොඳටම හොඳින් .. "

ටිෂූ එකකින් දාඩිය පිහදා ගන්න ගමන් ඩොක්ටර් කිව්වෙ සැනසිලිදායක හිනාවක් එක්ක .. කුකී ඒක අහපු සතුටටම ජිමින්ව බදා ගත්තා .. ජිමින්ගෙ අතත් කුකීගෙ ඔළුවට ගියේ නිරායාසයෙන්මයි ..

ජැක්සන් නම්ජුන්ව බදාගෙන හෝබි යුන්ගිව බදාගෙන සතුට වැඩිකමට ..

" ඩොක්ටර් මට දුවව බලන්න පුළුවන් ද ..? "

" තව ටික වෙලාවකින් රූම් එකට දානවා .. එතකොට බලන්න පුළුවන් .. එයාට දුක හිතෙන ශොක් වෙන වගේම ගොඩක් සතුටු හිතෙන දේවල් කරන්න එපා .. ඒක එයාට තාම ඔරොත්තු දෙන එකක් නෑ .. "

ඩොක්ටර් බැරෑරුම් විදිහට කියද්දි ජිමින් ඒ හැමදේම අවධානයෙන් අහගෙන ඔළුව වනන ගමන් ,,

" හො..ඳයි ඩොක්ටර් .. "

කියලා කිව්වෙ ආයෙත් එයාගෙ ප්‍රින්සස්ට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නෑ කියලා හිතන ගමන් .. ඩොක්ටර් හිනාවෙලා එතනින් ගියේ ජිමින්ගෙ පිටට තට්ටුවක් දාගෙනමයි ..

" මං කිව්වනෙ හ්‍යුන් .. "

කුකී එහෙම කියන ගමන් ජිමින්ව තවත් තදින් බදා ගත්තා .. ජිමින්ට දැනුනා කුකී අඬනවා කියලා .. ඔව් මේ ගෙවුණ පැය කිහිපයෙදි ජිමින්ව වගේම ජිමින්ගෙ ප්‍රින්සසුත් එයාගෙම පවුල වගේ කුකී හිතන්න පටන් අරන් .. ඉතිං ප්‍රින්සස් එයාට දැන් එයාගෙම දුව .. ජිමින් කුකීගෙ නළලට හාදුවක් දීලා එතනින් ගියේ කුකීව ඒ වුණ දේ නිසා එතනම ගල් ගැහෙද්දි ..

" කුකී .. යා ජන්ගුකා .. "

හිනාව වහගෙන යුන්ගි ගිහින් කුකීගෙ ඉස්සරහින් අත එහෙට මෙහෙට කරද්දි හෝබි වගේම නම්ජුන් ජැක්සන් හිනා නොවී හිටියෙ බොහොම අමාරුවෙන් .. මොකද කුකී ඇස් දෙකත් ලොකු කරගෙන ගල් ගැහිලා හිටපු විදිහට ..

" හ්‍යු..න් දැ..න් ජිමිනි හ්‍යු..න් .. ? "

යුන්ගි උරහිසෙන් ටිකක් හොල්ලලා කතා කරද්දි ආපහු හරි සිහියට ආවත් කුකී කතා කළේ ගොත ගගහා ..

💔 Love Me Again 💖 [ JIKOOK / COMPLETED ]Where stories live. Discover now