TAEKOOK LOVE STORY PT 5

828 118 2
                                    

                   ( taehyung කලින් දවසෙ රෑ හිටියෙ තමන්ගෙ ගෙදර නිසා jungkook ව ඇහැරවන්න උනේ වෙන සේවිකාවකට. Jungkook taehyung ගෙදර ගිහින් කියලා දන්නෑ. ඒක නිසා jungkook වේලස්සනම නැගිටලා දොර පිටිපස්සෙ හැංගිලා හිටියෙ taehyung ව බය කරන්න කියලා හිතාගෙන.)

Jungkook : හරි හරි සපත්තු සද්දෙ ඇහෙනවා. ඒ කියන්නෙ taehyung මාව නැගිට්ටවන්න එනවා....... හරි හරි තව ටිකක් එන්න.

                     ( කිය කිය jungkook ඉන්න කොට සේවිකාවක් ඇවිත් දොර ඇරපු ගමන්ම jungkook ඉස්සරහට කෑ ගහගෙන පැන්නා. අර සේවිකාව උඩ ගියා. Jungkook ට මුකුත්ම හිතාගන්න බැරි උනා. ඒ සේවිකාව jungkook ට මෙහෙම කිව්වා.)

සේවිකාව : ආ................. මොනාද පොඩි මහත්තයා කරන්නෙ?. මම බය උනා....... මොකද මේ කවදාවත් නැතුව.

Jungkook : අහ්.. නෑ... මේ.... මම මේ.... නිකන් බය කරේ.....

සේවිකාව : අහ් හරි හරි දැන් කෑම කන්න ලෑස්ති වෙන්න. මම කෑම එක අරගෙන එන්නම්.

                ( කියලා සේවිකාව jungkook ගෙ උදේ කෑම අරන් එන්න ගියා. ලැජ්ජාව වහගන්න බැරි jungkook ඔලුවෙ අත ගහගෙන හතර වටේ ඇවිද්දා. Jungkook එයාටම මෙහෙම කියාගත්තා.)

Jungkook : මොකක්ද ඒ කරේ........ හයියෝ........... ඒ තඩි ගෑණි මොනා හිතුවද දන්නෑ........ හයියෝ....... මම ඉවරයි...... කෝ taehyung?..... ඇයි එයා ආවෙ නැත්තෙ. කොහෙද දන්නෑ එයා....... එයා මෙහෙන් අස්වෙලා ගිහිල්ලවත්ද?. හපොයි........ දැන් මොකද කරන්නෙ?. ඉවරයි.

               ( jungkook ට එක පාරටම ගොඩක් දේවල් හිතුනා. ටික වෙලාවකින් අර සේවිකාව jungkook ගෙ උදේ කෑමත් අරගෙන ආවා. ඊට පස්සෙ jungkook ගිහින් වාඩි උනා. සේවිකාව කෑම ටික jungkook ට දුන්නා. Jungkook කන ගමන් ඒ සේවිකාවගෙන් මෙහෙම ඇහුවා.)

Jungkook : මේ............

සේවිකාව : ඔව්. පොඩි මහත්තයා කියන්න

Jungkook : කෝ taehyung?....

සේවිකාව : taehyung කිව්වේ?.........

Jungkook : අර පෙරේදා අලුතින් මෙහෙට වැඩට ආපු කෙනා.

සේවිකාව : ආ....... taehyung..... එයා තාම ආවෙ නෑ.......

Jungkook : ආවෙ නෑ කිව්වෙ?... කොහෙද එයා ගියේ?....

YOU'RE JUST MINE. OK?. ( Completed )Where stories live. Discover now