Chapter : 02

160 30 154
                                    

👩‍🔬"ගුඩ් නිව්ස් එකක්, පේෂන්ට සිහිය එනවා..."

ඒක ඇහුන ගමන් හතර දෙනාටම ඕනි කළේ Yun Myun ගාවට දුවගෙන යන්න.

👩‍🔬"ඩොක්ට දැන්නේ ගියේ එයාව චෙක් කරන්න, ඒ නිසා එක්කෙනෙක් විතරක් එන්න... ඔයාලා ඔක්කොටම එතනට යන්න දෙන්න බැහැ..."

Jiah, Jimin, Youngmi තුන්දෙනාම එක පාරටම බැලුවේ Jin දිහා.

🌟"Jin ඔයා යන්න..."

🐣"ඔව්, hyung යන්න..."

Jin ICU එක ඇතුළට යද්දිත්, Taehyung, Yun Myunව චෙක් කරනවා.
Tae වැඩ ටික ඉවර වෙනකම් Jin තමන්ට නංගි ගාවට දුවගෙන යන්න තියන ආසාව පුළුවන් තරම් ඉවසගෙන රූම් එකෙන් එළියට වෙලා හිටියා.
ටික වෙලාවක් යද්දි Tae තමන්ගෙ වැඩ ටික ඉවර කරලා එළියට ආවෙ මූණෙ ලස්සන හිනාවක් පුරවගෙන.

🐯"එයා අපි හිතනවට වඩා වාසනාවන්තයි hyung... එයා ඇත්තටම මේ කළේ මිරැකල් එකක්..."

එහෙම කියාගෙන Tae, Jinට ඇතුළට යන්න දීලා ආයෙම පිටත් වුණා.
Jin, Yun Myun ගාවට ගියේ හිතේ මොනතරම් දුකක් තිබුණත් මූණෙ හිනාවක් පුරවගෙන. ඇඳ ගාව තිබ්බ පුටුවෙන් වාඩි වුණ කොල්ලා Yun Myunගෙ අතින් අල්ලගෙන පේන නොපෙනන ගානට ඇරිලා තිබ්බ කෙල්ලගෙ ඇස් දිහා බලන් කෙල්ලට කතා කළා.

🌙"Yumi..?"

Yumi, ඔව් ඒක තමයි කෙල්ලට ආදරේට කියපු නම. තමන් ළඟින්ම හුරුපුරුදු කටහඬක් ඇහෙද්දි කෙල්ල හෙමීට ඇස් ඇරලා කොල්ලා දිහා බැලුවා.

❄️"O-oppa..."

🌙"ඔව් Yumi... oppa ආවා... ඔයාට  දැන් කොහොමද..?"

කොල්ලා හෙමීට වචන ගලපගත්තෙ කෙල්ලට වෙනසක් නොදැනෙන්න.
ඒත් තමන්ගෙ කඳුලු නතරකරගන්න කොල්ලට බැරි වුණා.
කොල්ලා ඇඬුවෙ ඇයි? දුකටද නැත්නම් සතුටට ද?

මමත් මොනවා කියවනවද? Yun Myun ඉන්න තත්වෙත් එක්ක කාටද, කොහොමද, මොකටද සතුටු වෙන්න පුළුවන්?
නෑ, කොල්ලට සතුටු වෙන්න හේතු තිබුණා. Tae කියලා තිබුණු විදියට දවස් එක හමාරක් ඇතුළත Yun Myun නැගිට්ටොත් ඊළඟ ට්‍රීර්මන්ට් එකට යන්න එයාලට පුළුවන්. එයාලට තිබුණු එකම වගේම අවසානම ට්‍රීට්මන්ට් එකට.
ඔව් ඒක කළොත් Yun Myunගෙ ජීවිතේ ෆිෆ්ටි ෆිෆ්ටි රැකගන්න පුළුවන්.
ඉතින් ඒ හේතුව මදිද කොල්ලට මහ මෙරකටත් වඩා සතුටු වෙන්න Yun Myunගෙ ජීවිතේ වෙනුවෙන්?

ADRIFTWhere stories live. Discover now