Chapter : 12

71 15 80
                                    

Taehyung's pov.

Jin හියුන්ලා පිටත් වෙද්දිම මම ඉක්මනටම ආයෙ Yumiගෙ රූම් එක හොයාගෙන දිව්වෙ අජුම්මා Yumiගෙ බෙහෙත් අරන් එන්න කිව්ව නිසා.
මම යද්දිත් ගෙදර හිටියේ ගාඩ්ස්ලා කිහිපදෙනෙක් විතරයි. එයාලා මට කලබලයක් නැතුව ඇතුළට යන්න දුන්නා. සමහරවිට කලින් ඉඳලම පැය දෙකක් විතර මෙතන හිටිය නිසා වෙන්න ඇති.
වැඩ්ඩා වගේ ගේ ඇතුළට ගියාට මොකද මම දැනන් හිටියේ නෑ කොහෙද Yumiගෙ රූම් එක තියෙන්නෙ කියලා. වටේම කැරකි කැරකි ඉන්නකොට වෙලාවටම වගේ එතනින් ගිය සර්වන්ට් කෙනෙක්ගෙන් ඇහුවම එයා මාව Yumiගෙ රූම් එක ගාවටම එක්කන් ගියා. එයාටපින් දිදී මම රූම් එක ඇතුළට ගියාමයි තේරුණේ මේක අස්සෙ ඇඩ්විල් බෝතලයක් හොයනවා කියන එක මාර ගේමක් කියලා. සිරාවටම Yumi මේ කාමරේ කවදාවත්ම අස් කරලම නැද්ද කොහෙද. එක්කො කෙල්ල තිබ්බ බඩු මුට්ටු ඔක්කොම පොළොවෙ ගහලා. යක්කු නටපු පිට්ටනියක් වගේ.

වෙලාව බලපු මම තව පරක්කු වෙන්න බැහැ කියලා මටම කියාගන්න ගමන් කාමරේ පුරාම Yumiගෙ බෙහෙත් එක හොයන්න පටන් ගත්තා ඒත් හෙන වෙලාවක් කාමරේ පුරාම හොයලත් මට බෙහෙත් බෝතලේ හොයාගන්න බැරි වුණා. කාමරේ මම නොබලපු තැනක් නැහැ. ඒත් ඒක කොහෙවත්ම තිබුණේ නෑ. තවත් පරක්කු වෙන්න බැරි නිසා මම ආයෙම කාමරෙන් එළියට එන්න ආවෙ යන ගමන් ෆාමසි එකකින් හරි ඇඩ්විල් කාඩ් එකක් අරන් යනවා කියලා හිතාගෙන. ඒත් මම කාමරෙන් යන්න හදද්දිම මගේ ඇස් කොනට අහු වුණ දෙයක් නිසා මම එහෙම්මම නතර වෙලා ඒ දිහාවට ගියා.

🐯"හම්මේ මේ තියෙන්නෙ දෙයියා..."

මෙච්චර වෙලා ඩ්‍රසින් ටේබල් එක උඩ තියාගෙන මම ලෝකෙවටේම හෙව්ව බෙහෙත් බෝතලේ අතට ගන්න ගමන් මගේ කටින් පිටවුණේ මටත් නොදැනිමයි.
මට ඒ බෝතලේ වෙනසක් තේරුණත් මට ඒකට වැඩි වෙලාවක් නොලැබුණේ කුප්පි අතට ගද්දිම බිම වැටුණු කොළ කෑල්ලක් නිසා. මම ඉක්මනට ඒක අතට අරන් දිගඇරලා බැලුවා.
කොලේ ලියලා තිබ්බෙ එකම එක වචනයයි.

미안해.. (මියාන්හේ = සමාවෙන්න)

වෙලා තියන හැමදේම ටිකෙන් ටික තේරුම් යද්දි මම තව එක තප්පරයක්වත් නාස්ති නොකර රූම් එකෙන් එලියට පැනලා දුවගෙන ගියේ කාර් එකට. කාර් එක ස්ටාට් කරගත්තත් මාව අයිස් වතුර එකක ඔබලා ගත්තා වගේ ගැහෙනවා. මගේ බෙහෙත් සම්බන්ධ මොළේට සිද්ධවෙන්න යන දේ ගැන හැමදේම අකුරක් නෑරම තේරුම් ගියත් මට ඒක විශ්වාස කරන්න ඕනි වුණේ නැහැ.
එයාට බැහැ එහෙම කරන්න..
Yumi ඔයා දන්නැහැ මේක බරපතලකම..

ADRIFTWhere stories live. Discover now