Chapter : 10

128 25 386
                                    

3 days later

Youngmi's pov.

Yumi ගිහින් අදට දවස් තුනක්. කෝල් එකක් ආන්ස්ව කරන්නෙත් නැහැ. පළෙදෙනි දවසෙනම් මැසේජස් සීන් කරල රිප්ලයි නොකර හිටියට එදයින් පස්සෙ එහෙමවත් නැහැ. කෙල්ල කොහේ ගියාද? මොකටද ගියෙ? දැන් ඉන්නෙ කොහෙද? මොකද වුණේ? මොනවද කරන්නෙ? මේ කිසිම දේකට අපි කවුරුත්ම උත්තර දැනන් හිටියේ නැහැ. වුණ දේත් එක්ක මට වගේම Jiminටත් සිද්ද වුණේ Yumi ගැන හැම ඇත්තක්ම අනික් අයට කියන්න.
හැබැයි Yumiට හැමදාම ඕනි වුණා වගේ මේ හැමදේම Namjoon ඔප්පගෙන් හංගන්න අපි හැමෝම පරිස්සම් වුණා.

අන්තිමට අපි හැමෝගෙම තීරණය වුණේ Yumi ඉල්ලලා තිබුණා වගේම දවසක් දෙකක් එයාට නිදහසේ ඉන්න දෙමු කියන එක. ඒත් අඩුතරමෙ කෙල්ල හොඳින්ද කියලවත් නොදැන හැමෝම හිටියෙ පුදුම බයකින්. ගානක් නොතිබ්බ එකම කෙනා Namjoon ඔප්පා. එදා Jin ඔප්පගෙන් Yumiගැන දැනගත්තට පස්සෙ ඔප්පා ගොඩක් වෙනස් වුණා. එයා Yumiගෙ මූණ බලලා කතා කරන්න තියා හිනාවුණේවත් නැහැ. ඒ විදිහට ගතවුණ මාස පහ Yumiගෙ මානසිකත්වෙත් කොච්චර වෙනස් වුණාද කියලා දැක්කෙ මමයි Jiminඋයි විතරයි.

මුලදි මුලදි කෙල්ලටත් නොදැනි ඇස් වලින් කඳුලු බින්දු දෙක තුනක් වැටුණට කල් යද්දි Yumi ඒකත් පාලනය කරගත්තේ හැම වේදනාවක්ම එයාගෙ හිත ඇතුළටම සීමා කරලා. ඒත් දරාගන්නම බැරි තැන්වල කෙල්ල කඩන් වැටිලා කියලා මම දැක්කෙ උදේට කොලේජ් එන කෙල්ලගෙ ඇස් ඉදිමිලා තියනව දකිද්දි. අන්තිමට කිසිම දෙයක් ගැන අහන්නැතුව එයාටම එයාව ශක්තිමත් කරගන්න ඉඩදීලා අපි පැත්තකට වුණේ කොච්චර උදව් කරන්න අපිට ඕනි වුණත්, එයාට උදව් ඕනි වුණත් කෙල්ල කියන කිසිමදෙයක් අහන්නෙ නැහැ කියලා දන්න නිසා.

ඒත් Yumi, Namjoon ඔප්පා ඉස්සරහා හැසිරෙන විදිය, ඔප්පව දකිද්දි ඒ ඇස් දිලිසෙන විදිහ, කෙල්ල හිනාවෙන විදිය දැක්ක මම තේරුම් ගත්ත එක දෙයක් තිබුණා. ඒ හැමදාම වගේ අදත්, තවමත්, කෙල්ලගෙ හිතේ බලාපොරොත්තුව කියන දේ තියනව කියන එක. බලාපොරොත්තු, හැමදාම Yumiව අඬවපු ඒත් ඒ අඬවන තරමටම හිනාගස්සපු මේ ලෝකෙ එකම දේ.

Yun Myun's pov.

ගෙදර ඇවිත් දවස් තුනක්. වෙඩින් එකට තව දවස් දෙකයි. ගෙදර හැමෝම වෙඩින් එකට ලෑස්ති වෙද්දි මට පුළුවන් වුණේ කාමරේට වෙලා බලන් ඉන්න විතරයි. කිසිම හැඟීමක් දැනීමක් නැතුව බලාගත්ත අත බලාගෙන ඉන්න එක. ගෙදර ගිය දවසෙදිම රෑ මාව කාමරේට විතරක් සීමා වුණේ මගේම ගේ ඇතුලෙ මම හිරකාරියක් වෙලා. එයාලා හිතන්න ඇති මම පැනල යයි කියල. ඒත් නැහැ, මට පැනල යන්න ඕනි නැහැ. පැනලා ගියත් ඒකෙන් වැඩක් නොවෙන බව මම දන්නවා. මෙතනින් පිට වෙලා මම කොහේ යන්නද?
ආපහු සෝල් ගියත් එයාලා මාව හොයාගෙන එනව කියල මම දන්නව.

ADRIFTWhere stories live. Discover now