AUTHOR NOTE

109 20 71
                                    

හුම්ම්..
අප්ඩේට් එකක් කියල හිතුවනම් සමාවෙන්න. ඇත්තටම ඔයාලට කතා කරන්න ඕනි වුණා මට. ඒකයි ඕතර් නෝට් එකක්ම දානවා කියල හිතුවෙ. මොකද අනවුන්ස්මන්ට් එකක් දානවට වඩා ඕතර් නෝට් එකක් දැම්මම හැමෝම කියවන නිසා. මම දන්නවා අනවුන්ස්මන්ට් දැම්මට ගොඩක් අයට කියවන්න ලැබෙන්නෙ නෑ කියල. මොකද මම වුණත් කම්මැලියි අනවුන්ස්මන්ට්ස් කියවන්න. කලාතුරකින් තමයි මමත් ඕතර්ස්ලා දාන අනවුන්ස්මන්ට්ස් කියවන්නෙ.
හරි හරි කියෙව්වා ඇති.. ආපු වැඩේ කරමු..

කොහොමද ඉතින් මගේ ළමයි? හැමෝම හොඳින් ඉන්නව නේද?
ළමයි කිව්වට මං දන්නවා අක්කලත් මෙතන ඉන්නවා. ඒ වුණාට මම කොහොමත් හැමදාම ඔයාලට කතා කළේ ළමයි කියලනේ? මම ඒකට ආසයි.
ඕකේ.. ඇත්තටම මම ආවෙ සමාව ඉල්ලන්න ළමයි.
ඒ වගේම තව දේකුත් තියනව ඔයාලට කියන්න.

මම දන්නවා ඔයාලට ගොඩම ගොඩ කාලෙකින් මම The Beginning & ADRIFT කතා දෙකෙන් එකකවත් අප්ඩේටස් දුන්නෑ. ඇත්තටම ඒකට සමාවෙන්න. මම මේක කියන්න කැමති නෑ මොකද මම මේක හැමදාම වගේ කියනවා.
ඇත්තටම මේ කාලෙ ටිකක් අමාරුයි. හිත එක විදියකට තියාගෙන කතාවට සම්පූර්ණම අවධානය තියාගෙන කතාවක් ලියන්න අමාරුයි. ඇත්තටම කියනව නම් මටම හිතාගන්න බෑ මට මොකද වෙලා තියෙන්නෙ කියලා. කොච්චර ඕනි වුණත් ඉක්මනට ඔයාලට අප්ඩේට් එකක් දෙන්න, ඒක කරගන්න බෑ.
සරලවම කියනවනම් පිස්සු වගේ මට..

ඔයාලට ඉන්නෙ මහ කම්මැලි කොයිවෙලෙත් මූඩ් ගහලා ඉන්න ඕතර් කෙනෙක් නේද ළමයි?
සමාවෙන්න ඒකට..
මම ගොඩක් ට්‍රයි කරනවා නෝමල් විදිහට ඉන්න. ගොඩාක් ට්‍රයි කරනවා මූඩ් ගන්නැතුව, චීයර් අප් වෙලා ඉන්න. ඒත් එහෙම ට්‍රයි කරන හැමවෙලේම තවත් මොකක් හරි දෙයක් වෙලා හැමදේම විනාස වෙලා යනවා. ආයෙම හිටියටත් වඩා පහළට වැටෙනවා. එක දවසක් හිත රිද්දගන්නැතුව, හැමෝම එක්ක හිනාවෙලා, චීයර් අප් වෙලා ඉන්න මම පුළුවන් තරම් ට්‍රයි කරනවා. ඒ එක දවසක් ගතකරගන්න, හැමදේම කරගෙන රෑට ඇඳට වැටෙන මොහොත වෙනකන් දවස ගෙවාගන්න තියන අමාරුව දන්නෙ මම විතරයි.

sithuu_17, Kim_JiAh_0114, Lee_Jin_Ya, SenaliRajapaksha ඔයාලා තමයි මගෙ ජීවිතේ මට ගොඩක්ම ක්ලෝස් අය. මං ගැන මටත් වඩා හොඳට දන්නවා. ඒත් සමාවෙන්න. සමහර දවස්වලට ඔයාලටත් මම බොරු කරනවා. කොච්චර බොරු කළත් ඔයාලා මං හොඳින්ද නැද්ද කියල හරියටම දන්නව කියලා දැනගෙන වුණත් මම සමහර වෙලාවට ඔයාලා එක්ක හිනාවෙලා ඔයාලට බොරු කරනවා

ADRIFTWhere stories live. Discover now