Chapter 05

220 50 124
                                    

__________________________________🍁🥀

යුන්හා,වෙඩි හඬ ඇහුනත් ඒකවත් ගනන් නොගෙන පුලුවන් තරම් වේගෙන් දිව්වා....

කෙල්ල නැවතුනේ කෙල්ලගේ ගෙදර ගාව....

දඩිබිඩි ගාලා ගෙදරට දිව්ව කෙල්ල දොර වහල එතන බිම ඉදගෙන දොරට හේත්තු වුනා.....

"අප්පාා...."

කුකී තාමත් ජන්ග්කුක්ව ඉල්ල ඉල්ල අඩනවා.....

"ශ්ශ්...අඩන්න එපා පැටියෝ......අප්පා හොදින් ඇති....."

කෙල්ල,කුකීව තුරුලු කරගත්තා.....

"බබාට උණනේ..."

කෙල්ල තමන්ටම එහෙම කියාගත්තේ කුකීගෙ ඇඟේ රස්නෙ කෙල්ලට දැනිච්ච නිසා.....

කෙල්ල හැදුවේ එතනින් නැගිටල යන්න.....

ඒත් එකපාරම කවුද දොරට ගහන්න ගත්තා.....

කෙල්ල ඒ වෙලාවේ හිටියෙත් හුඟක් බය වෙලා.....

ඒත් ඒ ජන්ග්කුක් නම්...

කෙල්ල ඉක්මනටම නැගිටල දොර ඇරියා....

"ජන්ග්කුක්ෂි....ඔ-

කෙල්ලට ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ....

"ආා...යකෝ.....මම මෙච්චර වෙලා දොරට තඩිබානකම් තමුසේ මොනාද කරේ?..."

"කුඩප්පේ මම-...."

කුඩප්පා තාමත් වැනෙනවා....වුන දේවල් ගානක්වත් වුනු නැති ගානයි.....

කෙල්ල වෙනද වගේම කුකීවත් තුරුලු කරගෙන බිම බලාගත්තා......

"කාගෙද මේ පැටියා?.."

කුඩප්පා,යුන්හගේ තුරුලේ හිටිය කුකීව පෙන්නන ගමන් ඇහුවා.....

"මේ....ම...මගේ...යාලුවෙක්ගේ...."

"හහ්...යාලුවෙක්ගේ.....තමුසෙට කොහෙන්ද ඕයි යාලුවෝ......මට දැන් තේරෙනවා තමුසේ ඇයි රෑ වෙලා ගෙදර එන්නේ කියලා...හහ්....."

කුඩප්පා මහ ජරා විදිහට හිනා වුනා...

"කුඩප්පේ-.."

කෙල්ල කෑ ගැහුවේ ඒ වචනවල තිබ්බ වේදනාවට....

"ඇයි තමුසේ කෑ ගහල මාව බය කරන්නද?..මොනා වුනත් තාත්තා පෝසත් වගේ......පුදුමයි තමුසේ හිඟන්නෙක් එක්ක #$&&## නෑ..."

𝐹𝑂𝑅 𝑀𝑌 𝐾𝑂𝑂𝐾𝐼𝐸 🍁|| JJK Where stories live. Discover now