Chapter 01

559 62 63
                                    

___________________________________🍁🥀

සියොලඟ දැවටුනු සෝල් සුලඟට වීදි පුරා විසිරුණු සකුරා මල් පෙති මතින් අරමුණක් නැතුව ඔහේ ගමන් කරපු මගේ ඇස් නතරවුනේ බංකුවක් උඩ වාඩි වෙලා ඉකි ගගහ අඩ අ⁣ඩ හිටපු පුංචි දරුවෙක් ගාව....

එයා ඉදි⁣රියෙන් තිබුනු පාරේ යන වාහනවල සද්දෙට බය වෙලා වගේ කකුල් දෙක බංකුව උඩට අරගෙන ආයෙත් වටපිට බලන්න ගත්තා....

ඒ ඇස්වලට අහුවුනේ මාව.....

ඒ ඇස්වල හුරුපුරුදු බවක් තේරුනත් ඒ ගැන වැඩිය නොහිතා මම ඒ දරුවා ඉදගෙන හිටපු බංකුව දිහාට ඇවිදගෙන ගියා....

"බබා ඇයි අඩන්නේ?....කෝ ඔයාගේ ඔම්මා හරි අප්පා හරි ආවේ නැද්ද?.."

මම අහපු ප්‍රශ්නෙට උත්තර වශයෙන් මට හම්⁣බුනේ ඇස් ලොකු කරගෙන මං දිහා බැලුණු බැල්මක් විතරයි.....

"බය වෙන්න එපා...."

"අප්...පා....ආවේ නෑ බබාව එක්කන් යන්න.....ඉහි......බබාට බයයි..."

මේ මිනිස්සුත් අනේ මන්දා....පොඩි දරුවෙක්ව මෙහෙම තනියෙන් දාල යනවද.....

"බ...බා පව්..."

ඉකි ගගහ හුරතල් විදිහට කතා කරද්දි මම එයාව වඩාගෙන මගේ ඔඩොක්කුවට අර ගත්තා....

"ඉන්නකෝ අපි බබාගේ අප්පට කතා කරල බනිමු...."

"එපාා...බබාගේ අප්පා පව්...."

"ඕහ්...එහෙනම් මම බනින්නෑ...බබා ගාව අප්පගේ ෆෝන් නම්බර් එකක් තියෙනවද?.."

එයා බංකුවේ පැත්තක තිබ්බ බෑග් එක ඇරලා පොඩි පොතක් පෙල්ලලා මට දුන්නා...

ඒ පිටුවේ ලියල තිබුනු නම්බර් එකට කෝල් එකක් අරගත්තා....

රින්ග්ස් ගිහින් ටික වෙලාවකින් කෝල් එක ආන්සර් කරා.....

"හලෝ මිස්ටර්....ඔයාගේ පුතා හොදටම බය වෙලා අඩනවනේ...ඔයා නෑ කියල............."

"අහ්...මම මේ එනගමන්....ට්‍රැෆික් එකකට අහුවුනා........මම එනකම් පොඩ්ඩක් එයා ගැන බලන්න පුලුවන්ද චෙබල්..."

"ආහ් හරි...මම බලාගන්නම්..."

කෝල් එක කට් කරල මම ආපහු එයා දිහාට හැරුනා....

𝐹𝑂𝑅 𝑀𝑌 𝐾𝑂𝑂𝐾𝐼𝐸 🍁|| JJK Où les histoires vivent. Découvrez maintenant