Chapter 06

196 50 52
                                    

__________________________________🍁🥀

ජන්ග්කුක් හිටියේ ලොකු හිසරදයකින්.......කරන්න ඕන මොනාද නොකරන්න ඕන මොනාද කියලවත් එයාට තේරුණේ නෑ.......

ගෙවුණු දවස් ගානටම කුකීගේ කටේ තිබුනෙම යුන්හගේ නම.....හම්බෙලා දවස් කිහිපයක් වුනත් යුන්හා හරි පුදුම විදිහට කුකීට සමීප වෙලා තිබුනා.......

ජන්ග්කුක් බලාගෙන හිටියේ පොඩි ළමයෙක් වගේ කුකී එක්ක සෙල්ලම් කරන කෙල්ල දිහා......

යුන්හා නිසා තමයි අද කුකී වගේම ජන්ග්කුක් පවා ජීවත් වෙන්නේ.......ඒ උදව්වට කලගුන සලකන්න ඕන......ඒත් මොකක්දෝ හේතුවකට කොල්ලගේ හිත හරිම නොසන්සුන්.......

"කුකී අපි යමුද?..."

ජන්ග්කුක් කටහඬෙන් කුකී වගේම කෙල්ලත් ඒ දිහා හැරිලා බැලුවා......

"දැන්ම යන්න බෑ...තව ටිකක් ඉමුකෝ...."

"කුකී.....අප්පාට කරදර කරන්නෙපා කියල මම කිව්වනේ.......ඒ නිසා දැන් යන්න...නැත්තං කුකීගේ අප්පාට දුක හිතෙයි....."

කෙල්ල හරි ආදරෙන් කුකීගේ හිසකෙස් අතරින් අැඟිලි යැව්වා......

කුකී ඔළුව වනලා ජන්ග්කුක් දිහාට දුවගෙන ගියා........

"අන්යෝන්ග් යුන්හා ආන්ටි....."

කෙල්ලගේ හිතට සැනසීමක් ආවේ කුකී,ජන්ග්කුක් ඉස්සර තමන්ට ඔම්මා නොකියන නිසා.....

කුකී හුරතලේට හිනාවෙන ගමන් යුන්හට අත වැනුවා....

කුකීව අත් අතරට ගත්ත ජන්ග්කුක් children park එකෙන් එලියට ආවේ යුන්හා දිහා නොබලමයි........

අඩුම තරමේ යන්නම්වත් කිව්වනම්......කෙල්ලගේ හිත කිව්වේ ඔහොම.......

ඒ අතින් එහෙම කියන්නවත් මම එයාගේ කවුද......

යුන්හගේ හිත කෙල්ලගෙන්ම ප්‍රශ්න කරද්දි කෙල්ල Children park එකේ බෙන්ච් එකකින් ඉඳ ගත්තා........

කෙල්ල බලන් හිටියේ සතුටින් සෙල්ලම් කරන පුංචි දරුවෝ දිහා.....කෙල්ලට මතක් වුනේ පොඩි කාලේ කෙල්ලගේ ඔම්මා එක්ක සෙල්ලම් කරපු හැ⁣ටි.....ඒත් අද කෙල්ල තනියම.......

'ඔම්මා ඔයාට මාව ඇහෙනවද..........ඇයි මාවම ප්‍රශ්නවලට පැටල⁣වෙන්නේ?......මම කැමති නෑ බැඳීම් ඇති කරගන්න......ඇත්තටම මම බැඳීම්වලට හුඟක් බයයි ඔම්මා........මාව හැමෝම දාලා යන්නේ ඇයි ඔම්මා.....මම නරක කෙනෙක්ද....අප්පා මාව දාලා ගියා......ඔයත් මාව දාලා ගියා........මම තනිවුනා හැමවෙලේම......එතකොට ඇයි දෛවය මගේ ජීවිතේට තවත් බැඳීමක් අරගෙන ආවේ......මාව තවත් රිද්දවන්නද?...'

𝐹𝑂𝑅 𝑀𝑌 𝐾𝑂𝑂𝐾𝐼𝐸 🍁|| JJK Where stories live. Discover now