💜️💜️ පස්වන කොටස 💜️💜️

488 81 15
                                    


අපි ලෑස්ති වෙලා ඉවර වෙනවත් එක්කම වගේ හන්ජේ අපිව ගන්න ඇවිත් හිටිය..

අද යුනි එකට යන්න ඕන නිසා අපි ටිකක් පිලිවෙලකට ඇන්දා..අපි හතර දෙනාම ඇන්දේ ගවුම් දනිස්ස ලගට විතර දිග..කොන්ඩේ නම් ඉතින් කඩලා දාලා හිටියේ..

හන්ජේ දොරට තට්ටු කරන නිසා අපි හතර දෙනාම ලෑස්ති වෙලා අපේ රූම් එකෙන් එලියට ආවා..අපි එනකොට හන්ජේ එක ඇහිබැමකුත් උස්සන් අපි දිහා බලන් ඉන්නවා..අපි හතර දෙනාම අපෙ ලස්සන සුකුමාල සිත් ඇදගන්නාසුලු හිනාව දාලා හන්ජේට ගුඩ් මෝනින් කීවා..

🥀🌹🌸🌺  ; ගුඩ් මෝනින්..

හන්ජේ ; ගුඩ් මෝනින්..ඔයාලා විනාඩි දහයක් පරක්කුයි..වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න..

🥀🌹🌸🌺 ; 😮😮😮

අපි හතර දෙනාම බලන් හිටියේ මේ මොකද වෙන්නෙ කියලා..යකෝ මේ යකා හැසිරෙන්නේ හරියට අපි මූ යටතේ වැඩ කරනවා වගෙනේ..

හන්ජේ කතා නොකරම හොටෙල් එකෙන් එලියට ආවා..අපි හතර දෙනත්  එයාගෙ පස්සෙන් දුවගෙන ගියා..හන්ජේ කාර් එක ලගට ගිහින් නැවතුනා..

හන්ජෙ 🤵 ; එක්කෙනෙක් ඉස්සරහින් නගින්න..හතර දෙනෙක්ට පිටිපස්සේ යන්න බෑනේ..

🌺🌸🌹🥀 ; අනේ අපිට බෑ..

හන්ජේ 🤵 ; ඔයාලා හිතන් ඉන්නෙ මං ඔයාලගේ ඩ්‍රයිවර් කියලද..

🌺🌸🌹🥀 ; ඔව්..

හන්ජෙ 🤵 ; එහෙනම් මේක හොදට අහගන්න..මං ඔයාලගේ ඩ්‍රයිවර් නෙවෙ..මට තමා ඔයාලව බලාගන්න වගකීම පැවරිලා තියෙන්නේ..

ශානි 🥀 ; මූ නම් අපිට ඇනයක් වෙන්න යන්නේ..

චතු 🌺 ; ඒකනම් ඇත්ත..

හන්ජේ 🤵 ; මොනා හරි කීවද..

ශානි 🥀 ; අපෝ නෑ අපි යමු..

හන්ජෙ 🤵 ; හරි එක්කෙනෙක් ඉස්සරහට එන්න..

දැන් අපි හතර දෙනා එක එක්කෙනාගේ  මුනු දිහා බැලුවෙ කවුද ඉස්සරහින් නගින්නෙ කියලා අහන්න වගේ..

නිව් 🌸 ; වැඩිහිටියන්ට මුල් තැන..

තිසා 🌹 ; ඔව් ඒක ඇත්ත..මොනවා වුනත් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන අපි..

🇰🇷 South korea (Completed )🇰🇷Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ