මං හන්ජේ යනකන් ඉදලා ආපහු ඩොම් එක ඇතුලට එනකොට මගේ පාප මිත්තරයෝ ටික ලොකු කතාවක්..මං යනකොටම තුන්දෙනා එකපාර දැම්මා නේද අමුතු හිනාවක්..මට ඒ හිනාවල් වලින් හිතා ගන්න පුලුවන් තුන්දෙනාට මොකක් හරි නොසන්ඩාල අදහසක් ඇවිත් කියලා..මාත් ඉතින් හිමින් සැරෙ ගිහින් එයාලාගේ කතාවට සම්බන්ද වුනා..ශානි 🥀 ; උබලා මොනාද මෙච්චර ප්ලෑන් කරන්නෙ ආ..ඔප්පලා ටික කිඩ්නැප් කරන්න එහෙම නෙවෙයි නේද හදන්නෙ..
තිසා 🌹 ; ඒකට තව කල්තියේ යකෝ..
ශානි 🥀 ; ඒ ඇයි..
තිසා 🌹 ; උබ හිතන් ඉන්නෙ ඒ හත්දෙනා උස්සන් ඇවිත් මේ හිච්චි ඩෝම් එකේ තියා ගන්නද..එයාලා උස්සන්න කලින් හොද ඩෝම් එකක් ගන්න ඕන..
ශානි 🥀 ; ඔ...හ් සිරාවටම..කියහන්කෝ උබලා මොනා ගැනද ඔච්චර කතා කරෙ..
චතු 🌺 ; මේ අහපන්කෝ බොක්ක දැන් හන්ජේත් නෑනේ..
ශානි 🥀 ; ඔව් ඉතින් දැන් ගියානේ..
නිව් 🌸 ; මැදින් ඇඩ් නොදා කටවහන් අහන් ඉදපන්..
ශානි 🥀 ; 🤐🤐🤐
තිසා 🌹 ; ඉතින් අපි අවුරුදු ගානකට කලින් ගහපු ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න නියම වෙලාව තමා ඇවිත් තියෙන්නෙ..
ශානි 🥀 ; කියන එකක් තෙරේන්න කියපන්කෝ මොන මගුලක්ද..
නිව් 🌸 ; මුන් දෙන්න ඔය කියන්න තටමන්න හෙට සෝජු පාටියක් දාමු කියලා..
ශානි 🥀 ; 😮😮😮😮😮😮
චතු 🌺 ; උබේ ඔය වක්කඩේ වගේ තියන කට වහගන් බ්‍රේක් නැති මැස්සෙක් වත් යයි..
ශානි 🥀 ; උබලා කියන්නේ අපි හෙට සෝජු පාටියක් දානවා කියලාද..
🌸🌺🌹; හම්ම්ම්ම්....
ශානි 🥀 ; එතකොට හන්ජෙ..
තිසා 🌹 ; එයා ආපහු මෙහෙ එන්නෙ දවස් දෙකකින්නෙ නංගී..
ශානි 🥀 ; ඒකත් ඇත්තනේ..
ඔන්න ඉතින් අපේ පැලෑනේ හැටියට හෙට තමා දවස..අපි ඔක්කොම කතා කරගෙන අපේ රූම් වලට ගියේ හොද නින්දක් දාන්න..වැටුන ගමන් මැරුනා වගේ නින්ද ගියා ඇගේ මහන්සියටත් එක්ක..පහුවදා උදේම නැගිටලා මමයි චතුයි බඩු ගේන්න හන්ජේ පෙන්නපු කඩවල් වලට ගියේ අර ඩබල ඩෝම් එකේ තියලා..අපිට ඕන ඔක්කොම බඩු ටිකත් අරන් අමතක නොකර සෝජුත් ගත්තා..පලවෙනි පාරට සෝජු බෝතලයක් අතට ගන්නකොටම මමයි චතුයි දෙන්නම වෙව්ලලා ගියා..
YOU ARE READING
🇰🇷 South korea (Completed )🇰🇷
Romance💜️💜️ආත්ම සහායකයින් වැනි මිතුරියන් හතර දෙනෙක්💜️💜️ 💜️ඔවුන්ගේ ජීවිතයට අහබු ලෙස පැමිනෙන ලොවක් වසග කල තරුනයන් සත් දෙනෙක්💜️ සිහින වලින් පිරුන සිහින දේශයක් 💜️💜️South korea💜️💜️