💜️💜️දොළොස්වන කොටස💜️💜️

459 77 11
                                    

ජින් 🐹

යුන්ගි 😸

හොබී 🐴

නම්ජූන් 🐨

ජිමින් 🐥

ටේ 🐯

කුකී 🐰

ශානි 🥀

නිව් 🌸

තිසා 🌹

චතු 🌺

හන්ජෙ 🤵

බෝගම් 👑️

------------------------------------------------------------
ටිකක් දුර යනකොට මං මොකේක හරි වැදිලා භූමි වන්දනා කරා..කවුද යකොව්ව්ව් හොටෙල් එක මැද්දෙ පොල් ගස් හිටවපු පොල් බූරුවා..$&$&%$ මං දන්න දන්න අසභ්‍ය වචන ටික දාලා බැන බැන කොහොමහරි නැගිට්ටා..නැගිටලා මං ඉස්සරහා බලනකොට මං ඉස්සරහා හිටපු කෙනා දැක්කම මට හීන් දාඩිය දැම්මා..

වෙන කවුරුවත් නෙවෙයි ඒ හිටියේ කිම් නම්ජුන්..එයා මං දිහා කන්න වගේ බලන් ඉන්නකොට මගේ ඇග හිරි වැටිලා ගියා..මං ආසම එයාගේ තරහා ගිය ඒ මූනට..තව ටිකක් තරහා ගස්සන්න තිබ්බ නම්..🤗🤗මොනා වුනත් මෙතන වැරදි කාරයා මං නිසා මං නම්ජූන් ඔප්පාට මගේ ගොන් හිනාවත් පෙන්නලා අංශක අනූවටම නැමිලා සමාව ඉල්ලුවා..

🥀 I'm sorry..
ඇත්තටම මං ඔප්පා ඉන්නවා දැක්කෙ නෑ..මේ ඇත්තමයි කියන්නේ..

මං මොනවා කීවත් ඔප්පා තවමත් මං දිහා බලන් ඉන්නේ කන්න වගේ..මං නිකමට වගේ එයාගේ කෝට් එක දිහා බැලුවෙ ඔප්පා මාරුවෙන් මාරුවට මායි එයාගෙ කෝට් එකයි දිහා බලන නිස..මලලසේකර යකෝ මගේ අතේ තිබ්බ සම්පූර්ණ බීම එකම තිබ්බෙ නම්ජූන් ඔප්පාගේ කෝට් එකේ..මං වැටෙනකොට බීම එක නම්ජූන් ඔප්පාගේ ඇගේ හැලිලා..මටත් වුනොත් වෙන්නෙ ඔය වගේ දෙකයි පනහේ වැඩක්මයි..

🥀 ඔප්පා අනේ මට සමාවෙන්න..මං හිතලා කරේ නෑ..සමාවෙන්නකෝ..

නම්ජූන් ඔප්පා මාව සතපහකට ගනන් නොගෙන එතනින් යන්න ගියා..යකෝ පුදුම ලොකුකමක් නේ ඒක..එක වචනයක්වත් කතා නොකර යන්න ගියා..මොනා වුනත් මට ඔය ලොකුකම් අල්ලන්නෙ නෑ..ඒ නිසා මමත් වැඩිය ගනන් නොගෙන මගේ මිත්තරයෝ හොයන්න කියලා ගියා..

මං අර තුන්දෙනාත් එක්ක ආපහු අපි කලින් හිටපු තැනටම ගියා..ටිකක් වෙලා ඉන්නකොට කට්ටියම නටන්න පටන් ගත්තා..ඔප්පලා එයාලගේ සිංදු දාලා නටනවා..අපිත් පුදුම අමාරුවෙන් අපිව පාලනය කරන් හිටියේ මෙතන අපි නටන්න ගියොත් සමාජය ඉදිරියේ ලැජ්ජා වෙන්න වෙන බව අපි දන්න නිසා..අන්තිමට කපල් ඩාන්ස් එකක් පටන් ගත්තා..අපි හතරදෙනාට මොන කපල් ඩාන්ස්ද ඒ නිසා අපි අනිත් අය නටන දිහා බලන් හිටියා..ටිකක් වෙලා යනකොට ජන්කූක් ඔප්පා අපේ පැත්තට ආවෙ එයාගේ බනී හිනාවත් දාගෙන..සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියලා ජන්කූක් ඔප්පා නිව් ඉස්සරහින් හිට ගත්තා..ඔප්පා එයාගේ අත නිව් ගේ පැත්තට දික් කර..නිව් ඒත් එක්කම අපි දිහා බැලුවෙ මොකද කරන්නෙ කියලා අහන බැල්ම දාලා..අපිත් ඔලුව වැනුවෙ හා කියලා..ඒත් එක්කම නිව්ගෙ පැත්තට දික් වෙලා තිබුන ජන්කූක් ඔප්පාගේ අත උඩින් නිව් එයාගේ අත තිබ්බ..ජන්කුක් ඔප්පා ලස්සන හිනාවක් පෙන්නලා නිව් ව අනිත් අය නටන තැනට එක්කන් ගියා..ඒ දෙන්න දිහා බලන් ඉන්නත් ආසයි..එයාලා නටන දිහා බලන් ඉන්නකොට අපි ලගට අපි අදුරන්නෙ නැති තරුණ පිරිමි ලමයෙක් ආවා..පෙනුමෙන්නම් අපේ වයස වාගේ..එයා ආපු ගමන් අපේ චතුගේ පැත්තට එයාගේ අත දික් කරේ චතුට එයා එක්ක නටන්න ආරාධනා කරන ගමන්..චතුත් එයාගේ ආරාධනාව පිලි අරගෙන එයා එක්කම නිව් හිටපු පැත්තට ගියා..අන්තිමට මමයි තිසයි තනිවුනා..හැමොම හරිම සතුටින් නටනවා..අපි ලගට ආපු බෝගම් ඔප්පා තිසාව එක්කන් ගියේ එයාගේ ඩාන්සින් පාට්නර් විදියට තිසාව තෝර ගන්න ගමන්..අන්තිමට මං තනිවුනා..මං දැක්කා අපේ ඔප්පලා ටිකත් එක එක ගෑනු ලමයි එක්ක නටනවා..එයාලා කොච්චර හොදද කියලා කියනවනම් එයාලා ඒ ගෑනු ලමයින්ගේ අත් වලින් විතරයි ඇල්ලුවෙ..ඒවා දිහා බලාගෙන මම මං ලග තිබුන තවත් බීම එකක් බීවා..ඒත් එක්කම මං දැක්කෙ ජින් ඔප්පා එයා නට නට හිටපු ගෑනු ලමයා වෙන කෙනෙක්ට භාර දීලා මගේ පැත්තට එනවා..

🇰🇷 South korea (Completed )🇰🇷Where stories live. Discover now