💜️💜️ නවවන කොටස 💜️💜️

494 79 21
                                    

ශානි 🥀

නිව් 🌸

තිසා 🌹

චතු 🌺

හන්ජෙ 🤵

බෝගම් 👑️

------------------------------------------------------------

චතුයි නිව් යි එතනින් ගියාට පස්සෙ මමත් තිසාගේ අතේ තුවාලෙට බේත් දාලා නිදා ගන්න ගියා..ඇදුමක් වත් මාරු නොකර මං ඇදට වැටුනේ මැරිලා වැටුනා වගේ...ඇගේ තිබ්බ මහන්සියට වැටුන ගමන් නින්ද ගියා..😴😴😴

පහුවදා උදේම අපි යුනි යන්න ලෑස්ති වුනේ ඊයේ යුනි යන්නත් බැරි වුන නිසා මග ඇරුනු වැඩ ටිකත් අදම කරලා ඉවර කර ගන්න ඕන නිසා..අපි හතර දෙනාම ඊයේ දවසම මහන්සි වෙලා හිටපු නිසා අද දවස ගැන නම් කතා කරලා වැඩක් නෑ..පැය පහක් එක දිගට ඉගෙන ගෙන දැන්නම් ඔලුවත් එක්ක රිදෙන නිසා අපි හතර දෙනාම කෑම කන්න කියලා හිතාගෙන යුනි එක ලග තිබුන පොඩි රෙස්ටුරන්ට් එකකට ගියා..බඩ පැලෙනකල් කාලා හොද හුස්මක් අරගෙන ඉක්මනට අපේ ඩෝම් එකට යන්න ලෑස්ති වුනේ මටයි තිසාටයි වැඩට යන්නත් තියන නිසා..ඒත් එක්කම මට බෝගම් ඔප්පාගෙන් මැසෙජ් එකක් ආවා..

📥

"අද වැඩට එන්න ඕන නෑ..මං ගමනක් යනවා.."

ඒ මැසෙජ් එක දැක්ක පාර නම් මගේ ඉහේ මල් වත්තක්ම පිපුනා..මං තිසාටත් ඒක කිවාම එයාටත් ඉතින් වෙන දෙයක් නෑ..ඩෝම් එකට ගිහින් හොද නින්දක් දාන එක තමා දැන් මගේ එකම ආශාව..ඉතින් අපි හතර දෙනාම ඩෝම් එකට එන්න පිටත් වුනා..

🌺 මේ මටයි නිව්ටයි පොඩි ගමනක් යන්න තියනව..ඔයාලා ඩෝම් එකට යන්න..අපි ඉක්මනට එන්නම්..

🌹 කොහෙද යන්නේ..

🌸 ඇවිත් කියන්නම් අනේ..

🥀 ඉතින් කියලා පලයන්කෝ..

🌺 අයියෝ බෑ බෑ..

🌹 තමුසෙලා දෙන්නා දැන් මොන මගුලෙද අපිට නොකියා යන්න ලැස්ති වෙන්නේ..

🌸 ඇවිල්ලා කියන්නම් කීවනේ..

🥀 හා හා යන දේවාලෙක ගිහින් ඉක්මනට එනවා හරිද..ආ මේ එන ගමන් රෑට කන්න මොනවා හරි අරන් එනවා ඈ..

🇰🇷 South korea (Completed )🇰🇷Donde viven las historias. Descúbrelo ahora