2nd Chapter 💥

1.4K 336 120
                                    


" සුන්හී ... ඔයා ඉන්නවද ?... ( හුස්මක් පිට කරලා ) දැන් අවුරුදු 2ක් ගියා.. ඔයා ඉන්නවද නැත්ද කියලවත් මං දන් නෑ.. ඒත් මේ හැමදේම ඉවර වෙන්නේ මං ඔයාව හොයා ගත්තට පස්සේ සුන්හීයා... 😔"

.
.
.
.
.
.
.

අහසේ තරු රටා අතර ඇස් ගිය ජන්ග්කුක්ට නොදැනීම ඇස් අගට කදුලු බිංදුවක් ආවේ අතීතේ ලස්සන මතක ඇස් වල මැවිලා පෙනෙද්දියි..

Flashback ...

2 Years Ago....

( ඔයාලා මේ ටික කියවද්දී කැමතිනම් For You - BTS Japanese Song එක අහන්න.. එතෝට මේ ටික ෆීල් වෙයි... 🙂 )
.
.
.
.
.
.
.
.
" යහ්.. ජොන්කුකා... ඇයි බන් අපි මේ ලස්සනට ‍බයිසිකලේ යන් නැතුව ඒකත් තල්ලු කරන් ඇවිදන් යන්නේ.. 😩... "

" ඒකේ ගියාම කොහොමද මං සුන්හීගේ පස්සෙන් යන්නේ... "

ජන්ග්කුක් කීවේ ටේ දිහා බලන්නෙවත් නැතුව ඉස්සරහින් යන කෙල්ල දිහා පැනි හිනාවකුත් දාන් බලාගෙනමයි...

" ඔව් ඉතින් එයා යන වේගෙට ඇවිදන් ගියත් අපිට කලින් යන්න පුලුවන්.. ඒත් බන් ... දැන් කොච්චර දුරක් ආවද... 😩😩 ආආඅහ්හ් මයේ කකුල් දෙකත් දැන් දනිස්ස ගාවට ගෙවිලා වගේ..."

" එහෙනම් දනගාන් වරෙන්.."

ටේ බරිසිකලේ අල්ලන්ම ඉනෙන් බිමට නැවිලා කියද්දී ජන්ග්කුක් තවමත් හිටියේ කෙල්ලගේ සිහියේ...

" ( සූහී කියන්නේ මගේ පළවෙනි ආදරේ.. අපි හම්බුනේ කැෆේ එකකේදී.. මං ස්කූල් යන ගමන් පර්ට් ටයිම් කරන්නේ කැෆේ එකක... අපිට ජීවත් වෙන්න තරම් සල්ලියක් තිබ්බත් ස්කුල් ගිහින් කවදා හරි ජොබ් එකක් කරනකම් නිකම් ඉන්න බැරි නිසා මං කැෆේ එකක වැඩ කලේ මගේ ආසාවට... හ්යොන්ග් තවම කොලේජ් යන නිසා එයාටත් එයාගෙම කියලා දෙයක් කරන්න තවම පුලුවන් කමක් තිබුන් නෑ... මං සාමාන්‍ය පවුලක කොල්ලෙක්... මගේ ජීවිතේ එහෙම මහා ලොකුවට හීනයක් තිබ්බේ නෑ.. ලොකු ආසවක් තිබ්බෙත් නැ.. ඒත් සුන්හී මාව හැම වෙලේම ජීවත් කලා වගේ දැනුනා...

එයාව මට හම්බුන විදිහට කීවොත් එකනම් මහා බොලද වැඩක් වගේ.... සුන්හී කියන්නේ හැමදාම අපේ කැෆේ එකට එන ඩේලී කස්ටමර් කෙනෙක්.. මොනවා හරි ඕඩර් කරලා කැෆේ එකේ අයිනේ තියෙන ටේබල් එකකට ගිහින් එයා පාඩුවේ පාඩම් කරනවා... අපි දෙන්නගේ ඇස් නිතරම හම්බුනත් එයා ඒ වෙලාවට කරන්නේ යන්තමින් හිනා වෙලා එයාගේ වැඩේ කරන එක .... මට එයාව දැනුනේ මගේ මහන්සිය නිවන්න මං ලගට ආව ඒන්ජල් කෙනෙක් වගේ... සාමාන්‍ය කෙල්ලොත් එක්ක බැලුවම සුන්හීගේ අමුතු ලස්සනක් තිබ්බා.... මට නිතරම ඕන වුනේ සුන්හීව කතාවට අල්ල ගන්න.. ඒත් ඒක ලේසී දෙයක් වුනේ නෑ.. ඔහොම දවස් ගානක් ගෙවිලා යද්දි මාත් එක්ක කැෆේ එකේ වැඩ කල අනිත් කොල්ලා මට පොඩි අයිඩියා එකක් දුන්නා.. මාත් දෙපාරක් නොහිතා ඒ ගොන් වැඩේට කැමති වුනා....

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now