" දේ ... ඇත්තටම මං ඉගෙන ගත්තේ මැනේජ්මන්ට් ... ඒත් මට හැම වෙලේම ඕන වුනේ චෙෆ් කෙනෙක් වෙන්න.. මං කෑම වලට ආදරේ කරන්න ගත්තේ මගේ ඔම්මා නිසා.. පොඩි කාලේ ඉදන් ඔම්මා මාව හරි ආදරෙන් බලා ගත්තේ රස කෑම හදලා දීලා.. මං ඒවාට ආදරේ කලා.. මං කන් නැති දෙයක් වුනත් ඔම්මා මං කන විදිහකට එහෙම නැත්නම් මට කන්න පුලුවන් විදිහකට හදලා දුන්නා.. ඔම්මා නැති වුනාට පස්සේ මට ඔම්මාගේ කෑම වල රස ගොඩ මතක වුනා... "
ජිමින් කීවේ ඇස් වලට ආව කදුලු අහක බලන් හන්ග ගන්න ගමන්.. තත්පර කිහිපයක නිහැඩියාවකින් පස්සේ ජිමින් ආයෙත් සුපුරුදු හිතවත් හිනාව එක්ක කතාව පටන් ගත්තා ...
" මං හිතන්නේ මං ගත්තේ හරි තීරණේ.. මට පොඩි කාලේ ඉදන් ආසව තිබ්බ දේ මං සැබෑ කර ගත්තා.. ඒ කාලේ මං කෑම වලට ආස නිසා මගේ යාලුවෝ මට හිනාත් වුනා.. අහ් මට එයාලා කීවේ ඩම්ප්ලින් කියලා ( අතකින් කට වහන් බිම බලන් හිනා වෙලා )... මං ඒ කාලේ පොඩ්ඩක් මහතයි... පොඩි කාලේනම් මම මගේ පෙනුමත් එක්ක ඒ නමට ආස වුනාට ලොකු වුනාම මට ඒක ලැජ්ජාවක් වගේ දැනුනා.. ඒ නිසාම මං මගේ පෙනුම ගැන හිතුවා.. ඒත් මගේ හීනේ අතඇරියේ නෑ.. මං ස්කූල් එකේ වැඩ කරලා කෑම හදන්න පුරුදු වුනේ රෑට.. කවුරුත් නොදන්න දෙයක් මං කියන්නම් අද...... "
ජිමින් එහෙම කියන්වත් එක්කම රිපෝටර් ටිකක් ඉදන් හිටිය පුටුවෙන් ඉස්සරහට වෙලා ඒ දේට උනන්දුවෙන් ඇහුකන් දුන්නා...
" මං මගේ හීනේ වෙනුවෙන් ස්කූල් යන කාලේ පාර්ට් ටයිම් ජොබ් එකක් කලා.. ඒත් ඒකෙන් මට එක සතපහක්වත් හම්බුනේ නැහෑ... මට ඕනේ වුනේ උයන විදිහ ඉගෙන ගන්න.. මට ක්ලාස් ගිහින් ඉගෙන ගෙන වියදම් කරන්න තරම් සල්ලි තිබුන් නෑ.. මොකද අපේ ඔම්මා අප්පා නැති නිසා මං මගේ මල්ලීව බලා ගන්න ඕනේ නිසා.. මං සල්ලී හොයන්නත් ජොබ් එකක් කලා.. ඒත් මේක වෙන දෙයක්.. මොනවද දනවද මං ඒ වෙනුවට කලේ ?.... ( හිනා වෙලා )... ඒ කඩේ පිගන් හේදුව එක...පොඩි ගානක් නෙවේ.. දවසට මං පිගන් 500 ක් වත් හෝදන්න ඇති... ඒක ලොකු රෙස්ටූරන්ට් එකක් නෙවේ.. සෝල් වල අස්සක තිබ්බ පොඩි කඩයක්.. ඒත් එතන කෑම හරිම රසයි.. හල්මෝණි කෙනෙක් ( ආච්චි ) තමයි ඒ කඩේ කලේ....මං ඉතින් ඒ හල්මොනීට උදව් කරලා කෑම උයන විදිහ ඉගෙන ගත්තා.. සල්ලී වෙනුවට ඒ හල්මොනී මට කෑම දුන්නා.. මං ක්ලෝජ් ගියාට පස්සේනම් මට ඒ තැන වැඩ කරන්න හම්බුනේ නෑ. ඒත් මට ඕන කරන තරම් දැනුම ඒ හල්මොනී දුන්නා.. ඉතින් මං එකතු කර ගත්ත සල්ලි වලින් පොඩියට රෙස්ටූරන්ට් එකක් පටන් ගත්තා.. ඒකට මගේ යාලුවත් උදව් වුනා.. "
STAI LEGGENDO
ANYTHING WRONG ⁉️️🚫( Completed )
Fanfictionඑක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗