11th Chapter 💥

1K 284 92
                                    

" ඉතින් එපා.. ඔයා ඇයි එහෙම කරන්නේ. "

කෙල්ල ඇහුවේ ජන්ග්කුක්ගෙන් අත ගලවගන්න දගලන ගමන්.. ඒත් ජන්ග්කුක් ඒ අත අතඅරින් නැතුවම අනිත් අතින් කෙල්ලගේ බෙල්ල පිටි පස්සෙන් අත දාලා එයාගේ මූණට ලං කර ගත්තා..

" ඒ මං ඔයාට ආදරේ නිසා... "

ජන්ග්කුක් කීවේ වෙව්ලන ස්වරයකින් හේමීගේ ඇස් දිහා කෙළින් බලාගෙන..ජන්ග්කුක් කීව දේත් එක්ක හේමීගේ ඇස් සතුටෙන් දිළිසුනත් ඒ එක්කම ඒ ඇස් වලට කදුලු පිරිලා මූණ අදුරු වුනා...

" කොජිමල් ( බොරු ) 😢"

" අනී ... ඇත්තමයි... "

ජන්ග්කුක් කීවේ ගොඩක් ආදරේකින් නිවුන කටහඩකින්.. ඒ වචන හේමීගේ කදුලු තවත් වැඩි කරද්දී කෙල්ලගේ කටින් පොඩි ඉකියක් පිටවුනා.. හැමදාම කෙල්ල එක්ක රණ්ඩු වෙන කොල්ලා අද කියන්න බැරි තරම් ආදරණිය වෙලා.. ඒ ඇස් වලින් කීවේ කෙල්ලව ඈතට යවන්න ලෝබයි කියලා.. හීරීමක්වත් වෙනවට කැමති නෑ කියලා.. මොකද ජන්ග්කුක් කියන්නේ ආදරයක් නිසා විදවපු කෙනෙක්.. ආයෙත් ඒ දේම වෙයි කියලා කොල්ලා බය වුනත් හිතේ තියෙන ආදරේ හන්ගන් ඉන්න තවත් එයාට බැරි වුනා... සුන්හී කියන්නේ ජන්ග්කුක්ට අහිමි වුන ආදරේ.. ඒ ආදරේ ආයේ ගන්න බැරි තරම් දුර ගිහින් තියෙද්දී තවත් ඒ දේ වෙනුවෙන් බලන් ඉදලා තේරුමක් නැති වෙන්න පුලුවන්... බැරි වෙලාවත් සුන්හී ජීවත් වෙනවනම්...?.. ඊට පස්සේ මොනවගේ දෙයක් වෙයිද කියන්න ජන්ග්කුක්ට හිතා ගන්න බැරි වෙයි... ඒත් එයා ජීවත් වෙන්නේ වර්ථමානේ.. ඒ නිසාම එයාට ඕනේ වුනේ හේමීගේ ආදරේ.. කෙල්ල හිතුවක්කර වෙද්දී ජන්ග්කුක්ට කේන්ති යන්නේ ඒකයි...

" ජන්...ග්කුක්.. "

" ම්ම්ම්.. "

ජන්ග්කුක් තමවත් ඉන්නේ කෙල්ලව මූණට ලං කරන් කෙල්ලගේ මූන දිහා බලන්.. රෝස පාටට දිළිසෙන කෙල්ලගේ තොල් , පුංචි නහය , බෝල ඇස් ජන්ග්කුක්ට ඒ දේවල් වලින් ඇහෑ අහකට ගන්න ඕනේ උනේ නැති තරම්...

කෙල්ල ටික ටික අමාරුවෙන් ඇඹරෙද්දී ජන්ග්කුක්ට තේරුණා කෙල්ලව ශීට් බෙල්ට් එකට හිර වෙලා ඉන්නේ කියලා.. ඒ නිසාම ජන්ග්කුක් ටික ටික කෙල්ලගේ පැත්තට නැඹුරු වෙද්දී කෙල්ල ගිහින් ශීට් එකට හේත්තු වුනේ ඇස් දෙකත් තදින් පියන්....

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now