From Jimin 🥀
To Jungkook ....( මේ කොටස කියවද්දී Still with You by Jungkook සිංදුව අහන් කියවනවන්ම් මං කැමතියි... කෙල්ලෙක්ට නොවුනට ඒ සිංදුවේ වචන ඕනම කෙනෙක්ට ගැලපෙනවා කියලා මං හිතනවා... 💔)
*************************
ජිමින්ගෙන් ,
ආදරය...
හරි අමුතු හැගීමක් දැනෙන වචනයක්.. ඒ වචනේ ඇහෙද්දිත් මිනිස්සු හරි ආසයි.. වචනෙට වගේම ඒ හැගීමටත්.. අකුරු හතරකින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන මායාවක් වගේ...
ඔව් ආදරය මායාවක්.. අපි හරි ලස්සනට ඒ මායාවට අහු වෙනවා...හීන ගොන්නක් මාවාගෙන ඒ අකුරු හතර ඇතුලේ හිර වෙනවා... බලාපොරොත්තු ගොන්නක් එකට පොදි බැද ගන්නවා.... ජීවිතේ ආදරේ එක්ක විදිනවා.. සතුටු වෙනවා..
ඒ ආදරේ සුන්දර පැත්ත...
ඒත් ඒ සුන්දර කරන ජීවිතේම ඒ මායාවෙන් අදුරු කරන්නත් හරි ලස්සනට පුලුවන් ජොන්ග්කුකා...
උඹ වගේම මමත් ඒ වචනෙට වගේම හැගීමටත් පිස්සුවෙන් ආදරේ කලා... උඹ ඒ ආදරේ හැගීම ලස්සනට විදිද්දී මාත් වින්දා...
හැබැයි උඹට සැබෑ ආදරේ ලැබෙද්දී මට හම්බුනේ බොරු මවාපෑමක්...
මමත් උඹ වගේම ලස්සනට ජීවත් වෙන්න ආස වුනා.. ඒත් මං ඒ ආදරේ කරන්න තෝරගත්ත කෙනා මාව වගේම මගේ ජීවිතෙත් මට නැති කලා...
ඉතින් මං වැරදිද ?...
අවංකව ආදරේ කළ එක වැරදිද ?.. මට ඕනේ වුනේ ඒ කෙනාව මගෙන් ඈතට නොයවා ඉන්න... ඉතින් මං එයාව මගේ ලග තියා ගත්තා... ඒත් එයා මගේ ලග හිටියට මට මං දුන්න ආදරේම එයාගෙන් ගන්න බැරි වුනා ජන්ග්කුකා...
උබලා ඔක්කොම ආදරේ විදිද්දී ....
මං විතරක් ආදරෙන් විදෙව්වා....ඒක සාධාරණද ?...
මේ ලෝකේ කිසි දෙයක් සාධාරණීකරණය කරන්න බැහෑ ...
ඉතින් මේ අසාධාරණයි කියන ලෝකේ මං මටම කියන සාධාරණ විදිහට ලෝකයක් හදන් ජීවත් වුනා... ඒක පිස්සුවක් ... ඒක විකාරයක්.... ඒක ලෙඩක්... ඔව් මං පිළි ගන්නවා...
මං නිසා උබ වගේම මගේ ලග හිටිය හැමෝම විදෙව්වා...
ආදරේ කලා..විදෙව්වා..විදවනවා... ඉතින් මට තවත් ඒ වේදනාවක් දරා ගන්න පුලුවන් වෙයිද ?...
YOU ARE READING
ANYTHING WRONG ⁉️️🚫( Completed )
Fanfictionඑක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗