15th Chapter 💥

1K 292 81
                                    

" ඇයි බන් මොකද.. උබ මේක දන්නවා කිව්වා නේද  ? යහ්ජ් ජේකේ.. උත්තර දීපන්.. "

" දේ.... "

" කාගෙද කියපන් යකෝ... "

" මේක....ජින් හ්යොන්ග්ගේ... 😖😖😖😖😖"

" ම්වෝ ?.. උබ කොහොමද හරියටම කියන්නේ ? "

" මං ඒ ගැන උබට කියන්නම්.. මේකේ තියෙන ලේ ටෙස්ට් කරන්න යවපන්.. මං පොඩ්ඩක් අර පැත්ත බලලා එන්නම්.."

ජන්ග්කුක් අතේ තිබ්බ ඉටිකවරය වින් අතට දීලා නැගිටලා වින් කලින් පෙන්නුව කෙටි පාර ලගට ගියා...පොඩි පටු පාරක් වුන ඒ පාර වැටුනේ තවත් ප්‍රධාන පාරකට... කෙනෙක්ට පැනලා යන්න ඒ වගේ පාරක් පාවිච්චි කරන එක ජන්ග්කුක්ට මේ වෙලාවේ හිතා ගන්න බැරි වුනා...

" මෙයා ප්‍රධාන පාරකට ගියා කියන්නේ කෙල්ලව පැහැරගෙන නෙවේද ගිහින් තියෙන්නේ.... 🤨.. කැමැත්තෙන් .? ඒත් කැමැත්තෙන් යන කෙනෙක් ඇයි සෙරෙප්පුවක් දාලා යන්නේ.... ඒ කියන්නේ සොල්මා.. ඇල්කොහොල් ... "

ජන්ග්කුක් අතේ නියමලක් කඩන ගමන් හිතෙන් හිතන ගම වටේම සෝදිසි කලා..

" ආයිෂ් මෙතන මුකුත් පේන් නෑනේ.. කවුද කියන්නේ කොරියාව දියුණුයි කියලා.. මේ වගේ තැනකට ලයිට් කණුවක්වත් දාන්න බැරිද. "

ජන්ග්කුක් අතේ තිබ්බ phone එක අරන් ෆ්ලෑශර් එක ඔන් කරලා පාර පටන් ගන්න තැන තිබ්බ බාස්කට් , පෙට්ටී , වගේ ගොඩගහලා තිබ්බ කුණු එහෙට මෙහෙට කරලා බලන්න ගත්තා...

" ඕ මේ මොනාද.....
.
.
.
.
.

මිරිස් ? .....අහ් .. එහෙනම් ඒකයි රූඩිගේ ඉව නැති වුනේ.... 🤨 හිතා මතා මිරිස් දාලා මූ මිනිස්සු ඉන්න තැනකින්ම පැනලා ගියේ ඇයි... ආයිෂ්..මූනම් මානසික ලෙඩෙක් 😖.... "

ජන්ග්කුක් මිරිස් උඩින් පැනලා පාර දිගේ ටික දුරක් ඇවිදන් ගියේ දෙපැත්තේ තියෙන බිල්ඩින් වලින් ඒ පාරට වැටිලා තිබ්බ දොරවල් දිහාට අවදානේ දෙන ගමන්... ඒත් එක්කම ඒ එක දොරක් ඇරන් සාමාන්‍ය මැදි වයසක පිරිමිකෙනෙක් එළියට එනවත් එක්කම ජන්ග්කුක් ඒ කෙනා ලගට ගිහින් කතා කලේ මොනාවාම හරි තොරතුරක් දැන ගන්න.. මොකද කලින් පාර වගේම ජින්ව මේකට අහු කරන්න කෙනෙක් බලන් ඉන්නවනම් නියම අපරාධකාරයාව ආයෙත් මිස් වෙයි කියන බය ජන්ග්කුක්ගේ හිතේ තිබ්බා...

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Donde viven las historias. Descúbrelo ahora