5th Chapter 💥

1K 305 102
                                    


දවසෙ සිද්ද වුන දේවල් එක්ක ජන්ග්කුක් හිටියේ හිත ටිකක් නොසන්සුන්ව.. හරි නින්දක් නැතුව දවස ගානේ ගෙවෙන මේ කලබරකාරී ජීවිතෙන් ජන්ග්කුක්ට මිදෙන්න ඕනේ වුනත් දැන් ආපහු හැරෙන්න බැරිතරම් එයා ඇවිත් ඉවරයි.. ඒ නිසා ආයෙත් පටන් ගත්ත තැනටම ගියා කියලා හිතට දැනෙන සැනසීමක් නැති නිසාම ජන්ග්කුක්ට ඕනේ වුනේ මේ හැම ප්‍රශ්නෙකම කෙලවරක් ඉක්මනින් දකින්නයි....

වැඩ ටික ඉවර වුන ගමන් ජන්ග්කුක් එයාගේ හිත හෙව්ව සැනසීම හොයන් ගියේ ඒ නිසයි..

" හ්යොන්ග් .... ".

" ඔහ් කුකී... ඇයි මෙහේ ? "

" නිකන්.. මට හ්යොන්ග්ව මතක් වුනා.. "

" අයිගූ අයිගූ.... මගේ පොඩි එකා.. ( ජන්ග්කුක්ගේ පස්සට තට්ටුවක් දාන ගමන් ).. ඉදගන්න .. කාලාද ඉන්නේ මං කන්න දෙයක් ගේන්න ද ? "

" එපා හ්යොන්ග් ... මං නිකන් ආවේ...හ්යොන්ග් ඔයාගේ වැඩ කරන්න. මං මෙහෙම ටිකක් ඉන්නම්.. "

" හරි මං බොන්න දෙයක් එවන්නම්.. "

" කොමාවෝ හ්යොන්ග් ... "

ජන්ග්කුක් ආවේ ජිමින්ගේ හොටෙල් එකට.. ඔව් ජන්ග්කුක් හොයන සැනසීම තිබ්බෙ එතන... අදටත් ඔම්මා අප්පා වගේ ජන්ග්කුක්ව බලා ගන්න සහෝදරයෙක්ට වඩා එහා ගිය ඒ බැදීම ලග ජන්ග්කුක් හැමදාම පොඩි දරුවෙක් වගේ ගුලිවෙලා උණුහුම හොයන්නේ ඒකයි..

හොටෙල් එකට ඇවිත් ජන්ග්කුක් පැත්තකින් වාඩි වෙලා සටහන් පොත අතට අරන් ඒ පිටු අතර ඇස් යවන ගමන් ජිමින් වැඩ කරන දිහා බලන් හිටියේ හරි ආඩම්බරෙන්...

" ( ඔයාට කාටවත් වචනයක් කියන්න මං ඉඩ දෙන් නෑ හ්යොන්ග් ... ඔය හිනාව අස්සේ හැන්ගිලා තියෙන දුක දුරින් ඉන්න අයට නොපෙනුනාට මං ඒක හොදටම දන්නවා හ්යොන්ග් .. ඔයාගේ සතුට මං කොහොමද ඔයාට දෙන්නේ ?.. මමත් ඒ තැනදි අසරණ වෙලා ඉන්නේ හ්යොන්ග් ... චේබාල් කවදාවත් වැටෙන්න එපා... එහෙම උනොත් මමත් අසරණ වෙයි.. මට ඉන්න එකම හයිය ඔයා විතරයි හ්යොන්ග් ... )"

ජන්ග්කුක් එයාට ලැබුන කූල් ඩ්‍රින්ක්ස් එකත් බොන ගමන් ජිමින් දිහා බලන් කල්පනා කරන්න ගත්තේ සැරින් සැරේ හුල්ලන ගමන්...

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Tempat cerita menjadi hidup. Temukan sekarang