Jungkook කියන්නෙ හරි අමුතු චරිතයක්.ඉස්කෝලෙ කොල්ලො කොච්චර හිටියත් ඒ කිසි කෙනෙක් Jungkook වගේ නෙමෙයි.ඒ කිව්වෙ අනිත් හැමෝම රස්තියාදුකාරයො වගේ ඉස්කෝලෙම අල්ලන් ඉන්නෙ.කතා කරන්නෙ අමුතු අමුතු වචන වලින්.ඒ අතරෙ Jungkook කියන්නෙ හරි නිහඩ චරිතයක්.තමන්ගෙ පාඩුවෙ පොතක් බලාගෙන ඔහේ ඉන්න කෙනෙක්.එයා අනිත් කොල්ලොන්ට වඩා ටිකක් වෙනස් නිසා ඒ කිසි කෙනෙක් Jungkook ව තමන්ගෙ යාලුවෙක් කියල පිලිගත්තෙ නෑ.කතා නම් කතා කරා එතනින් ඉවරයි.අපේ සොංඊ class monitor නිසා එයා පන්තියෙ ලමයි ගැන හොදට දන්නවා.සොංඊ උනත් Jungkook වගේ චරිතයක් දැකල තිබුනෙ නෑ.අර කෑ ගහන මේච්චල් කරන්න බැරි කුලුහරක් වගේ කොල්ලො ගොඩ මැද්දෙ Jungkook කියන්නෙ දෙවියෙක් වගේ.ඉතින් මේ හේතුව නිසාත් සොංඊ පන්තියෙන් කැමතිම ලමය Jungkook.
එදා ඉස්කෝලෙ ඉවර උනා.රියා ඉන්නෙ සොංඊ ලගෙ ගෙවල් පාරෙ නෙමෙයි.ඒත් දෙන්න එක පත්තට යන්නෙ.Jungkook තමන්ගෙ බයිසිකලේ 🚲 නැගගෙන ගෙදර ගියා.සොංඊයි රියායි කයියක් දාගෙනම පයින් යනව.
රියා- 😒 මම බලා ගෙන හිටියෙ ඔක්කොම.
සොංඊ- මොනාද
රියා- ඔයා අද මාව ගනන් ගත්තෙම නෑ.අර අලුත් කොල්ල එක්කමයි දවසම
සොංඊ- උබට පිස්සුද..එයා අලුත් නිසයි මම එහෙම සැලකුවෙ.
රියා- හා හා.......😒
දෙන්න කයිය දාගෙනම ගෙවල් වලට ගියා.
සොංඊගෙ ගෙදර ___$
අම්ම- ආ දුවේ.....කොහොමද අද ඉස්කෝලෙ
සොංඊ- අවුලක් නෑ අම්මෙ.අද අපේ ඉස්කෝලෙට අලුත් ලමයෙක් ආව.නම Jungkook.මාර අහින්සකයි.අනිත් නසරානියො වගේ නෙමෙයි.
අම්මා- ආ හොදයි නේ...
සොංඊ- මම එයාට අපේ ගෙදර එන්න කිව්ව හෙට.මේ ලග ඉන්නෙ.අදුරගන්නත් එක්ක හෙට ඉස්කෝලෙ ඇරුනහම එයි.
අම්මා- මට නම් අවුලක් නෑ.තාත්තා ආපුවහම එයාගෙනුත් අහන්න
සොංඊ wash එකක් දාන් එන්න ගියා.............
ටිකකින් තාත්තා දවල්ට කන්න ආවා.තුන් දෙනාම කෑම මේසෙ ඉදගෙන කකා ඉද්දි සොංඊ මැද්දට පැනල Jungkook ගැන කිව්වා.
තාත්තා- ආ.......එන්න කියන්න.ප්‍රශ්නයක් නෑ
සොංඊ- හරි එහෙනම්.මම හෙට එක්කන් එන්නම්.
ඒ දවස් ඉවර උනා...............
..................................................................................................පහුවදා ඉස්කෝලෙ ගිය ගමන් ම සොංඊ Jungkook ගාවට ගිහින් ඇහුවේ එක දෙයයි.
සොංඊ- අද එනව නේද
Jungkook- ඔව්.මම අපේ ගෙදරිනුත් ඇහුවා.මම එන්නම්.
ඒ එක්කම බෙල් එක ගැහුවා.සොංඊ ගිහින් රියා ගාවින් ඉදගත්තා.එදා දවස සාමාන්‍ය විදිහට ගෙවිල ගියා......................................
ඉස්කෝලෙ ඇරෙන බෙල් එක ගැහුව ගමන් Jungkook බෑග් එක ලෑස්ති කරන ගමන් හිටිය සොංඊයි රියායි ලගට ගියා.
සොංඊ- ආ යමුද එහෙනම්.
රියා අමුතු විදිහට බලල සොංඊ ගෙ කනට කෙදිරුවා.
රියා- මූ කොහෙද එන්නෙ.
සොංඊ- ආ.....මෙයා අද අපේ ගෙදර එනව.ඒකයි
රියා- 😒 හ්ම් හ්ම්
කවුරු කොහොම කිව්වත් රියා හරිම ඊරිසියයි Jungkook එක්ක.
තුන් දෙනාම පාර දිගේ ගෙවල් පැත්තට ගියා.අද රියා සද්දයක් නෑ. තුන් දෙනාම සද්දයක් නැතුව පාර දිගේ ගියා.ඇහෙන්න තිබ්බෙ වාහන යන හඩ විතරයි.
..................................................................................................
YOU ARE READING
♡ LOVE WINGS ♡ [Completed]
Fantasiපාසලෙන් ආරම්භ වුනු මිත්‍රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැනගන්න Love wings කතාව එක්ක දිගටම ඉන්න. මේක මගෙ first ff එක.කියවලා comment and vote කරල යන්න 🙂🌸