⬆️⬆️⬆️⬆️⬆️
මේ වීඩියෝ එක බලන්න ලමයි.. සින්දුවයි වීඩියො එකයි ගොඩක් feel වෙයි ඉස්සරහට කතාව කියවද්දි....
.
.
.
.
.
.
Ara pov:මම පාන්දරම නැගිට්ටා.. නැගිට්ටා කිව්වට මම රෑ පුරාම නිදා ගත්තෙ නැති තරම්. මම රෑ පුරාම කල්පනා කළේ මේ වෙනකන් මම ජීවිතේ විඳපු හැටි විඳවපු හැටි. මොන දේ වුනත් මගෙ හිත එකම එක දෙයක් නිසා වැලපෙනවා...ඒ තමයි ජින්...
උදෙන්ම නැගිටලා මම ලිව්මක් ලිව්වා.. මොකද අනිවාර්යයෙන් මම නෑ කියලා දැනගත්තොත් යූරි ඔන්නි පොලීසියට යනවා..
මට ඕනි නෑ එයාලට මම නිසා ප්‍රශ්නයක් ඇති කරවන්න..
පොඩි කොල දෙකක් අරන් එකක මගෙ නංගිටයි යූරි ඔන්නිටයි මට මෙච්චර කාලයක් කියන්න බැරි වුණ හැමදේම මම අකුරු කළා..
ඊළග එක මගෙ ජින්ට...
ලිව්ම් දෙකත් මගෙ කොට්ටෙ යට තියලා මම ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් එලියට බැස්සා.. මගෙ කකුල් වෙව්ලනවා වගේ.. මේ මතක එක අතකින් මට ජීවත් වෙන්න පණක් දුන්නත් තවත් අතකින් මාව නොමරා මරනවා...
මම එලියට එද්දි සේහි මාව එක්කන් යන්න ඇවිත් හිටියා.
මේ වෙලාවෙ සේහි කියන්නෙ මට ලොකු හයියක්...👩⚕: ආරා.. දෙන්න මම බෑග් එක ගන්නම්. ඔයා නඟින්න...
YOU ARE READING
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]
Fanfictionතනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලායන අසීමිත ප්‍රේමයක් 🌹 කඳුල , සතුට මුසුවුන ආදරයක් 💖 බාධක මැදින් තමන්ගෙ ආදරය දිනන්න කැප වෙන යුවලයක් 💘 ලෝකයක් ආදරය කරන තරු හතක් 💙 Jinshi_08...