දින සති මාස ගනන් ගෙව්නේ හරි ඉක්මනට .. බඩෙ ඉන්න දරුවත් එක්ක ආරා තමන්ගෙ බෙහෙත් ටිකත් අරගත්තා... එන්න එන්න කකුල් ඉදමුනා කෙල්ලට එක තැන විනාඩි 5ක් ඉදගෙන ඉන්න පවා බැරි වුනා... දරුවා බිහි කරන්න කාලෙ හරි. ඒ නිසා ජින් පුලුවන් හැමවෙලාවකම ආරා ලග හිටියා. වැඩවල හිටියත් කොයි වෙලෙත් ෆෝන් එක දිහා බලාගෙනමයි ජින් හිටියේ...
මේ වෙද්දි ජින්ගෙ ඔමොනි වගේම ජින්ගෙ හ්‍යුන් , හ්‍යුන්ගෙ වයිෆ් ආරාට තමන්ගෙම කෙනෙක්ට වගේ සැලකුවා.. ඒත් මේ සිද්දිය නිසා අප්පානම් ජින් එක්ක කතා කලේවත් නෑ.. ආරාව ඔමොනි දරුවෙක් වගෙ බලා ගන්න නිසා ජින්ගෙ හිතට ඒක එක පැත්තකින් මහ සහනයක් වුනා...
👩🏻🦳: දෝනි අද උදේ ඉදන් ඔයා අමුතුයි වගේ.. පුතාට එන්න කියමුද..
💗: අනෙ එපා ඔම්මා අද interview එකනෙ අලුත් ඇල්බම් එකේ.. උදේ ඉදන් හවස් වෙනකන් වැඩ ඇති...
👩🏻🦳: අමාරුවක් උනොත් කියන්න හොදෙද... අද ජින්ගෙ හ්‍යුන් ඇත්තෙත් නෑනෙ පුතේ ඒකයි මට බය...
💗: අද මුකුත් වෙන එකක් නෑ ඔම්මා....
ආරා වෙනදා වගේම garden එකට වෙලා අවට ගස් කොලං දිහා බලන් හිටියා.. උදේ ඉදන් දැනුන ඇගට අමාරුව කොන්දෙ කැක්කුම නිසා ආරා තරමක් අපහසුවෙන් හිටියෙ. විනාඩි ගානක් යද්දි කෙල්ලගෙ කොන්දෙන් ආපු වේදනාව කෙල්ලගෙ හුස්ම පවා හිරකරවන එකක් වුනා...
💗: ඔම්... මා.......
වේදනාව වැඩි කමට කෙල්ලට කියා ගන්න පුලුවන් වුනෙ එච්චරයි. වාසනාවකට කෙල්ලගෙ කටහඩ ජින්ගෙ ඔම්මාට ඇහුනා. ජින්ගෙ ඔම්මා එලියට දුවගෙන ආවෙ කෙල්ලගෙ කෑ ගැහිල්ල එලියෙන් ඇහුන නිසා..
ඔම්මා දැකපු දෙයින් ඔම්මගෙ කකුල් පවා වෙව්ලන්න ගත්තා.. කෙල්ල එලියෙ බෙන්ච් එකෙන් බිමට වැටිලා මර ලතෝනි දෙනවා...👩🏻🦳: අනෙ පුතේ.... මම මොකක්ද කරන්නෙ.. ඉන්න මම සේහිට කතා කරන්නම්...
ජින්ගෙ ඔම්මට ආරාව උස්සන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ. ඔම්මට එවෙලෙම මතක් වුනෙ සේහිව.. සේහිට කෝල් කරලා විනාඩි 10ක් යන්නත් කලින් කෙල්ල ජින්ගෙ ගෙදරට ආවා... සේහි එද්දිත් ආරා බිම ඉදන් විලාප තියනවා .. ජින්ගෙ අම්මා කරකියාගන්න දෙයක් නැතුව ආරාට වඩා විලාප දෙනවා....
YOU ARE READING
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]
Fanfictionතනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලායන අසීමිත ප්‍රේමයක් 🌹 කඳුල , සතුට මුසුවුන ආදරයක් 💖 බාධක මැදින් තමන්ගෙ ආදරය දිනන්න කැප වෙන යුවලයක් 💘 ලෝකයක් ආදරය කරන තරු හතක් 💙 Jinshi_08...