ආරා බාත්රූම් එකෙන් එලියට ආවේ මොකක්ද අඳින්නෙ කියලා හිතා ගන්න බැරුව..
"ආරා ඇවිත් ඉදගන්නකො ඔයාව මම ලෑස්ති කරන්නම් "
යූරි ආරාව එක්කන් ගිහින් කණ්ණාඩිය ඉස්සරහින් වාඩි කරව ගත්තා.. ඒ වෙද්දිනම් යූරි ලස්සන කලු පාට ගව්මක් ඇදලා ලෑස්ති වෙලා හිටියේ..
"අක්කෙ.. ඔයා ලස්සනයි"
ආරා යූරි දිහා බලාගෙන කිව්වා..යූරිට ඒකටනම් ලැජ්ජ හිතුනා 😂
"හරි හරි.. ඔයා අඳින්න ආස මොන පාට ඇඳුමක්ද"
යූරි ආරා දිහා බලාගෙන ඇහුවා.."අක්කෙ.. මට ගව්මක් අදින්න ඕනි.. ටිකක් ලා පාට එකක්.. අල්මාරියෙ ගව්ම් ටිකක් ඇති. ඔයා එකක් තෝරන්නකො"
"ම්ම් ඉන්න මම බලන්නම්"
යූරි ගිහින් ආරාගෙ අල්මාරිය ඇරියා.. යූරිට පුදුමයි... ඩෙනිමයි ටී ශර්ට් එකයි අදින කෙල්ලට මෙච්චර ලස්සන ඇදුම් තියෙනවද කියලා...
යූරී අල්මාරියෙ කෙලවරට වෙන්න තිබ්බ ලස්සන සුදු පාට ගව්මක් ගත්තා.. මොකද ආරාට හොදටම ගැලපෙන්නෙ සුදු පාට...
"ආ මේක අදින්න"
යූරී ආරගෙ අතට ඇඳුම දුන්නා...ආරා ටික වෙලාවකින් ඒක ඇදගත්තා.. ඇත්තටම ආරා ඒ ඇදුමට ගොඩක් ලස්සනයි...
YOU ARE READING
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]
Fanfictionතනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලායන අසීමිත ප්‍රේමයක් 🌹 කඳුල , සතුට මුසුවුන ආදරයක් 💖 බාධක මැදින් තමන්ගෙ ආදරය දිනන්න කැප වෙන යුවලයක් 💘 ලෝකයක් ආදරය කරන තරු හතක් 💙 Jinshi_08...