13 කොටස 💜💗

574 135 1
                                    

දෙසැම්බර් 4...
එදා ආරාගෙත් ජින්ගෙත් ජීවිතේ විශේෂ දවසක්.. එදා ජින්ගෙ උපන්දිනය.. ඒ වගේම පොඩි රස්සාවක් වුණත් ආරාගෙ පළවෙනි රස්සාව..

කෙල්ල උදෙන්ම නැගිටලා වොශ් එකක් දාගෙන ලෑස්ති වුණේ ඉක්මනට coffee shop එකට යන්න.. ඩෙනිමට නෝමල් ටීශර්ට් එකක් ඇදගෙන ගොඩක් සීතල නිසා කෙල්ල ජැකට් එකක් ඇද ගත්තා..

උදේටවත් නොකා ආරා දිව්වෙ coffee shop එකට.. යද්දි ලී මින්සුක් නම් ඇවිත්..

"කොහොමද ඔයාට"
ලී මින් සුක් ආරාට ආචාර කළා..

"මම හොඳින් ... මට කරුණාකරලා උදව් කරන්න"

"හරි එන්න මාත් එක්ක"

කොල්ලා කෙල්ලට පෙන්නුවෙ කැශියර් එක.

"ඔයා මෙතන තමයි වැඩ කරන්න ඕනි. එන අයගෙන් මොනාද ඕනි අහලා මේවගෙන් අරන් එයාලට දෙන්න. හැම එකකම මිල මේ බෝඩ් එකේ තියෙනවා. ඔයා ඒවා මතක තියාගන්න"

"ආහ් හරි මම ඒ විදියට කරන්නම් 🙂"

ආරා එයාට ලැබුනු වැඩේ ගැන අවංකවම සතුටු වුණා..
---------------------------------------------------------
       --------------------------------------------

ජින් කියන්නෙ ටිකක් දවල් වෙලා නිදා ගන්න කොල්ලෙක්. දවසම මහන්සි වෙන නිසා කොල්ලා හොදට නිදා ගන්නවා රෑට..

ජින් එක පාරම ඇහැරුනේ ජේ හෝප්ගෙ කෑ ගැහිල්ලට. කොල්ලො ටික රූම් එකට කඩාපාත් වෙලා ජින්ට විශ් කරන්න 😂😂😂
"Hyung කෝ පාටි"
ජේ හෝප් ඇහුවෙ දත් තිස්දෙකම එලියෙ දාගෙන😂

ජින්ට මේ වෙන කිසි දෙයක් පැහැදිලි නෑ.. ඔලුවට හෙනයක් පාත් වෙලා වගේ ජින් කොල්ලො හය දෙනා දිහා බලාගෙන 😂

"Hyun අද අපිට වැඩක් නෑනෙ. වොශ් එකක් දාගෙන එන්න ඉටිපන්දම් නිවන්න.. හවස් වෙලා v live එකක් කරන්න .. armyලා බලාගෙන ඇති"
නම්ජූන් කිව්වෙ අන්ද මන්ද වෙලා ඉන්න ජින් දිහා බලාගෙන 😂

"ආහ් හරි.. ඔයාලා යන්න මම ඉක්මනට එන්නම්.". ජින් නැගිටලා ගියේ බාත්රූම් එකට....

කොල්ලා වොශ් එකක් දාගෙන පහලට ගියේ ඉටිපන්දම් නිවන්න.. කොල්ලො 6 දෙනා ජින් දිහා කේක් එකකුත් උස්සගෙන පොඩි එව්න් ටිකක් වගේ බලාගෙන ඉන්නවා ❤️❤️❤️

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now