7 කොටස 💜💗

698 159 10
                                    

Jiya වගේම minjiත් ara එනකන් මඟ බලාගෙන ඉන්නවා.. දෙන්නගෙම ඇගේ ලේ වතුර වෙලා වගේ. ඒ තරම් බයක් 💔

අක්කෙ අපි ආරාව බලන්න යමුද?

ඔව්, මටත් ඒකමයි හිතෙන්නෙ. තව දවස් හතරකින් කෙල්ලගෙ graduation😭 එක තව විනාඩි 10 බලලා අපි යන් එයාව හොයන්න

Jiya කියනවත් එක්කම ගෙදර බෙල් එක වැදුනා. මුකුත්ම නොකියා කෙල්ලො දෙන්නා දුවගෙන ගිහින් දොර ඇරියා..

බලාපොරොත්තු නොව්න දෙයක් එතන වුණේ ....

ආරා ලස්සන හිනාවක් එක්ක ගේ ඇතුළට ආවා. ජියාටත්, මින්ජිටවත් හිතා ගන්න බෑ කෙල්ල එක පාරම වෙනස් වුණේ මොකද කියලා. අද වෙනකන් කෙල්ලගෙන් ඒ තරම් ලස්සන හිනාවක් ඒ දෙන්නා දැකලා තිබ්බෙ නෑ. පර වෙච්ච සුදු රෝසමලක් වගේ හිටපු කෙල්ල අද ලස්සන සුදු රෝසමලක් වගේ..

ජියාගෙ හිතේ තිබ්බ කුතුහලය නිසාම
" නංගි, ඔයාගෙන් දැන් අහන්න ඕනි දෙයක් නෙවෙයි මේක.. ඒත් ඔයා දැන් ගොඩක් වෙනස් කොහොමද එහෙම වුණේ"
ජියා ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන ආරාගෙන් ඇහුවා 🤨

" එක හිත හොඳ මනුස්සයෙක් නිසා අක්කේ"

ආරා ලස්සන හිනාවක් එක්ක ඒ වචන ටික කියලා දුවගෙන උඩ තට්ටුවට ගියා..

ජියාගෙයි මින්ජිගෙයි හිතේ "මේකිට එක පාරම මොනාද වුණේ? කව්ද ඒ මනුස්සයා" වගේ ගොඩක් ප්‍රශ්න හිතට ආවත් එයාලා ගොඩක් සතුටු වුණා කෙල්ලගෙ මේ වෙනස්කමට

-----------------------------------------------------------
            ------------------------------------

Jin drom එකට ආවේ රෑ 12ත් පහු වෙලා. අනිත් කොල්ලො 6 දෙනා ඒ වෙද්දිත් ඇහැරලා. මොකද කොල්ලො ටික ඒ දවස්වල ගත කළේ ගොඩාක් කාර්‍යබහුල ජීවිතයක් 😓

වෙනදට ජින් කොහේ හරි ගිහින් පරක්කු වෙලා ආවම එයාගෙ රූම් එකට ගියේ හැමෝම කෑවද කියලා අහලා.. කොල්ලො ටික නිදිද, නැත්තන් වැඩද කියලා බලලා. ඒත් අද කොල්ලගෙ ලොකු වෙනසක්.ජින් දොරත් වහගෙන ඇතුලට ආවෙ මනමාල හිනාවකුත් එක්ක 😂
සාලෙට වෙලා ෆෝන් ඔබ ඔබ හිටපු අනිත් කොල්ලො හය දෙනා ජින් දිහා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා කියලා ජින් දැක්කෙ පස්සෙ 😂

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now