'ලානා මන් කී පාරක් කියලා තියෙනවද මේ වැස්සත් ගෙදරට උස්සන් එන්න එපා කියලා?....ඔයා තෙමුනත් කමක් නෑ මගේ අහින්සක යුන්ගි පුතාවත් තෙමලා"
මිස් චෝයි දොර ඇරියේ ගේ ඉස්සරහ වතුර බේරි බේරි වෙව්ල වෙව්ල ඉදපු ලානටයි,යුන්ගිටයි ඇතුලට ඇවිත් වාඩිවෙන්න.Mrs.චෝයි වෙනදා වගේම ඊටපස්සෙ එයාගේ දේශනාව පටන් ගත්තා.
"මේ අහනවා ලානා....ඔයාගේ තාත්තා නැතුව මන් තනියම දුක් විදල ඔයාව මේ තැනට අරන් ආවෙ.තනි අම්මෙක් අවුරුදු 10ක් දුවෙක්ව හදා ගන්න මහන්සි උනු විදිහ ඔයාට හිතාගන්නවත් බෑ.😤"අයිගෝ........... දෙයියනේ ඇයි ඔයා මට මෙ වගේ කරදරකාර දුවෙක් දුන්නෙ?ඊලග සැරේ මන් මැරිලා යන්නෙ පපුවෙ පපුවෙ අමාරුවක් හැදිලා තමයි."
මිස් චෝයි තනියම එයගෙ පපුවට ගගහ කියවද්දි ලානා හිනාව තද කරගෙන ඉන්නයි මේ උත්සහ කරන්නෙ...යුන්ගියි ලානයි දෙන්නම Mrs.චෝයි ඉස්සරහ හොර පූසෝ දෙන්නෙක් වගේ බිමබලාගෙනම හිටියා,
මිසිස් චෝයි ආයෙම කතාව පටන් ගත්තා.
" බලන්න........ මේ මාසෙට වැස්සෙ තෙමි තෙමී අයිස්ක්‍රීම් කාපු 11 වෙනි වතාව.මං කට කැඩෙනකන් එපා කිව්වා.කෝ මන් කියන දේ අහනවද නෑනේ.....නෑනේ.....ඒ මදිවට අර යුන්ගි පුතාවත් ඇදගෙන ගිහින්.අනේ ඇත්තමයි..ඔයාට වියදම් කරන සල්ලි වලින් මන් හරකෙක් ගත්තා නම් මට කිරි හරි හම්බෙනවා ලානා."
" Technically ....ඔම්මා හරකෙක්ගෙන් කිරි ගන්න බෑනෙ.ඔයාට ගන්න වෙන්නෙ එලදෙනක් තමා."මෙච්චර වෙලා තද කරන් හිටපු ඒ වචන ටික ලානා එලියට දැම්මා.
"Aigooo...........මේ කිව්ව කට ගලේ ගහගන්න තිබ්බා නම්"
ලානාගේ කතාවට Mrs.චෝයිට හොදටම මල පැන්නා.වචනයක්වත් කතා නොකර එතනින් ගිය ඔම්මා දිහා බලලා කෙල්ල අද තේරුම් ගත්තා.....රෑට කනේ ගහන්න පුලුන් කෙසේවෙතත්කොට්ටත් මදිවෙයි කියලා.
"ඒත් ආන්ටි ලා....නා...ගෙ..නු..ත්...කිරි.....ග..න්..න.."මෙච්චර වෙලා කතා පෙට්ටිය වහන් හිටපු යුන්ගි එයාගෙ කට ඇරියා.
YOU ARE READING
JZT 5 SECONDS 🖤🕓(completed)
FanfictionWhen I think of you, I see your name with hearts floating in front of my eyes----Min Yoongi🖤🖤 Talking to you,laughning with you,being with you, changes my whole mood -Lana🖤 Time flies ov...