CHAPTER 5

155 47 61
                                    

ඉස්සරහ පිටුවෙ අලවලා තිබ්බෙ මායි යුන්ගියි NURSERY ගිය මුල් දවසෙ පොටෝ එක.අපි දෙන්නා හරි ලස්සනට හිනා වෙලා හිටියා.ඊට යටින් යුන්ගි එයගෙ බෝල අකුරින් ලියලා තිබ්බා.
                            
                          "මගේ ලානා"

අයියා කිව්ව එක ඇත්ත.මේක යුන්ගිගේ උනාට එයා ලියලා තිබ්බෙ මන් ගැන.මගේ ජීවීතෙ හැම වැදගත් දවසක්ම යුන්ගිගේ අකුරින් හරි ලස්සනට ලියවිලා තිබ්බ.

අපෙ ස්කෝලෙ දවස්,අපි දෙන්නා එකට කරපු ගොන් වැඩ,මට බෙහෙත් විදිද්දි යුන්ගියා මාව බදන් අඩපු හැටි.හෝම්වර්ක් හින්දා එයාත් බොරුවට දගගහපු හැටි ,ඔම්මා මට බනිද්දි මාව බේරගත්තු හැටි මෙ හැමදේම යුන්ගි හරි ලස්සනට ලියලා තිබ්බා.මං කදුලු පුරෝගෙන හිනාවෙවී ඒ අතීතෙට ආයෙත් පියෑබුවා.

                                 ඒ වගේම යුන්ගි කවදාවත් නොකියපු මතක ටිකකුත් ඒ පිටු අස්සෙ හිරවෙලා තිබ්බා.

Flashback
මට මතකයි එදා වහින දවසක් .මන් කුඩේ ගෙනාවෙ නෑ.මගෙ රැකවල් දේවදූතයා ඇවිත් මට කුඩයක් දීලා පරිස්සමින් යන්න කියලා ගියා.මාත් ඉතින් මාත් ඉතින් කුඩේ ඉහලගෙනම ගෙදර ආවා.ඊට පහුවදා යුන්ගි ස්කෝලෙ ආවේ නෑ.එයාට උන ගැනිලා.

                  මේ පොත හින්දයි මන් ඒ සිද්ධිය දැනගත්තෙ,එදා යුන්ගි කුඩේ මට දීලා වැස්සෙ තෙමීගෙනයි ගෙදර ඇවිත් තියෙන්නෙ.

                           අනේ මගේ යුන්ගියා..................🥺




පිටුව පිටුව පෙරලද්දි මන් තේරුම් ගත්තා දෙයක් .ඒ යුන්ගි මට ආදරය කරනවා කියන එක.

.
.
.
.
Yoongi's Diary
20XX/XX /XX 

අද valantine  Day එක.මන් ලෑස්ති උනේ ,ලානා කැමති මගේ සුදු ටී ශර්ට් එකත් ඇදන් .මන් දන්නවා රෝස මලක් දීලා  I Love You කියන පියවරට මන් තාම ඇවිල්ලා නෑ.ඒත් මොකද රෝස මලක් දුන්නොත් ලානා සතුටු වෙයිනෙ.

මන් ටිකක් ලැජ්ජාවෙනුත් හිටියෙ.කොහොමද මන් එයාට මේ මල දෙන්නෙ ?

"ලානා මේ මල ඔයාට?"

"මගෙන් මලක් ඔයාට"

ඔය විදිහට මන් ලානාට මල දෙන්න ක්‍රම 5ක් විතර පුරුදු වෙලයි ගියේ.අපි දෙන්නා කතා කරගත්තු තැනට මන් ආවා.ලානා එතකොටත් ඇවිත්.


 




JZT 5 SECONDS 🖤🕓(completed)Wo Geschichten leben. Entdecke jetzt