CHAPTER 4

164 46 107
                                    

Lana's pov
සියෝන් කොලේජ්  එකට ඇවිත් සතියක්ම ගෙවුනා.එයා මගේ ලගම යලුවෙක් උනා.හැමවෙලේම නැට්ට වගේම එයත් පස්සෙන්ම ආවා.යුන්ගිට වැඩේ ඇල්ලුවෙ නෑ.එයා හැමවෙලේම කිව්වේ..."ඌ මහ කපටි පාටයි කියලා."සියෝන් හින්දා මට යුන්ගිව මග ඇරුනා කියලා හිතෙනවා.මොකද යුන්ගි මට කතා කරන හැම වෙලේම සියෝන් මාව ඇදගෙන ගියා.

සියෝන් ඉගෙනගන්න දක්ශ කෙනෙක් නෙමේ.ඒ හින්දම හැම හවසම කුප්පි දාලා ඒ ලමයට උගන්නන්න උනෙත් මටමයි.ඒ හින්දා මේ සතියෙම යුන්ගියා ගෙදර ගියේ තනියමයි.ඕකෙ අන්‍තිම ප්‍රතීඵලේ උනේ යුන්ගි මාත් එක්ක තරහ උනු එක.😔


                           
දා හොදටම වැස්ස දවසක්.යුන්ගි කෙලින්ම ආවෙ,මන් auditorium එකේ piano play කර කර ඉදපු තැනට.මන් දිගටම play කලා.යුන්ගි කවදත් ආසයි මන් පියානො play කරනවා අහන් ඉන්න.

අනිත් එක මගේ හීනෙට යන්ඩ උදව් කරන එකම කෙනාත් එයා.මීට කලිනුත් මන් කොලේජ් ඇරිලා පියානො practise කරනකන්ම යුන්ගි මගේ ලග තනි රැක්කා.

ඒත්.......අද...............




               මන් play කරපු කරලා නවත්තනකොටම අත්පුඩි ගහගෙනම එතනට ආවෙ යුන්ගි.

"අපි ටිකක් කතා කරමුද මිස් ලානා?"

යාට හොදටම තරහ ගිහිල්ල කියන්න මන් ටෝන් එකෙන්ම දැනගත්තා.

"දේ.....".මාත් යුන්ගි ලගට ආවා.

"මේ අහනවා ලානා.... අපි දෙන්නා දැන් දුරස් වෙලා කියලා ,මට හිතෙනවා.ඉස්සර ඔයා මෙහෙම නැ.අර අලුත් කොල්ලා ආවත් හරි ,ඔයාට දැන් ඌවද ලොකු? ඔයා දන්නවද මේ දැන් එයි, දැන් එයි කියලා මුලු ඉන්ටවල් එක පුරාම මන් බඩගින්නෙ හිටියෙ.

ඔයාව හවස ගෙදර එක්කන් යන්න පැය කීයක් නම් මේ ගේට්ටුව ගාව රස්තියාදු උනාද?ඔයාට ගානක්වත් නෑ.ඔයාගෙ මේ වෙනසට හේතුව ඌ නම් ,මන් දෙපාරක් නොහිතම ඌට ලේ පනින්නම ගහනවා."


"යුන්ගියා............ එහෙම එකක් නෑ"

ඇත්තටම යුන්ගි කතා කරපු විදිහට මට බය හිතුනා.මාවත් පහු කරලා ගිය යුන්ගි ඇත්තටම සියෝන්ට ගහයිද? ....ඒත් මට  කියන්න වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. 

JZT 5 SECONDS 🖤🕓(completed)Where stories live. Discover now