still in Lana's pov
යුන්ගි තාමත් හෙමින් හෙමින් මගේ කොන්ඩේ පිහිදානවා ,හරියට මලක් අතගානවා වගෙ.එයාත් හිටියේ එලියට පනින්න ඔන්න මෙන්න තිබ්බ හිනාවක් තොල් අස්සෙ හංගගෙන.එයාගෙ ඇස් දිලිසෙනවා.මට පිටිපස්සෙන් යුන්ගි හිටියට කන්නාඩියෙන් මන් හැමදේම දැක්කා .කොල්ලා සතුටින් වගේ .
"යුන්ගියා.................ඇයි අර මින්සූ ඔයාට Locker room එක ලගට එන්න කිව්වෙ..??"
මගෙ ප්‍රශ්නෙට යුන්ගිගේ හිනාව අතුරුදහන් වෙන්ඩ ගියේ තත්පරයයි."ඒ යක්සනීද??.එයා මාව බලෙන්ම කිස් කරන්න ආවා..."
ඒ ටික කියද්දි නම් යුන්ගිගේ අතත් තරහටම මිට මෙල උනා."ආපෝ ..ඔයා එයාට කිස් කරන්න දුන්නැද්ද යුන්ගි? seriously ???අර කොලේජ් එකේ කොල්ලො මැරෙන්ඩ හදනවා මින්සු වගේ hot කෙල්ලෙක්ට .ඊයෙ තමා එයාගෙන් අහපු 22 කොල්ලත් reject උනේ.එහෙම කෙල්ල බලෙන්ම කිස් කරන්න ආවා කියද්දි ....................මට නම් හිතාගන්න බෑ ..."මන් හොදටම හිනා උනා.
"යා මිච්චස්සෝ?..."
"අයිගෝ........ යුන්ගියා ඔච්චර තරහ ගන්න එපා.මන් ඔයා උනා නම් දෙපාරක් හිතන්නෙ නැතුවම එයාව කිස් කරනවා....."මන් තොලුත් උල්කරගෙනම හිනාවෙවී යුන්ගි දිහාවට හැරුනේ ,කොච්චර මං ඉස්සරහ චන්ඩියා උනත්,යුන්ගියා ඔය වගේ දේවල් ඉස්සරහ රතු වෙන හින්දා.
තොලුත් උල් කරන් එයා ලගට ආව මාව දැකලා යුන්ගි ටිකක් මට ලංඋනා.ටික වෙලාවක් බය වෙලා වගේ මන් දිහා බලන් ඉදලා එයා එතනින් දිව්වෙ කාමරේ දොරත් හයියෙන් වහලා.
මන් බිම වැතිරිලම හයියෙන් හිනා උනා.
බයගුල්ලා🤣
.
.
..
.
.
.
.
ඊලග දවසෙඅදත් වෙනදා වගේම උදේම යුන්ගි ආවා අපේ ගේ ගාවට.මාත් දුවල ගිහින් එයා ගාවින් හිටගත්තා.ඊයෙ රෑ වෙච්ච දේ එයාට මතකත් නෑ.මට මතකත් නෑ.
(ඕතර් 😁-ඒත් අපිට මතකයිලූ)දෙන්නම කියෝ කියෝ කොලේජ් එක ලගටම ආවා.මුලින්ම හම්බුනේ මගේ ක්ලාස් එක.මාව පන්තියට ඇරලයි යුන්ගි එයාගෙ ක්ලාස් එකට යන්නෙ.
"interval එකට caf'etaria එකට එන්න...."
වෙනදා වගේම යුන්ගි මගෙ කොන්ඩෙ එයාගෙ අතින් හදලා යන්ඩ ගියා.මන් පන්තියට එනකොටත් පන්තියෙම කෙල්ලො ටික වට වෙලා.ඒ පාර මොන අඩව්වක්ද අල්ලන්න යන්නෙ?මන් මගේ බෑග් එකත් කරේ දාගෙනම වට වෙච්ච කෙල්ලො ටිකත් තල්ලු කරගෙනම මගේ තැනට ආවා.මගේ බෑග් එක පුටුවෙන් එල්ලලා එහෙම්මම මන් බැලුවේ මගේ එහා පැත්තෙ පුටුව දිහා.
YOU ARE READING
JZT 5 SECONDS 🖤🕓(completed)
FanfictionWhen I think of you, I see your name with hearts floating in front of my eyes----Min Yoongi🖤🖤 Talking to you,laughning with you,being with you, changes my whole mood -Lana🖤 Time flies ov...