CHAPTER 3

155 52 75
                                    

Min yoongi POV 

මේ ලෝකෙ මන් වැඩියෙන්ම ආදරේ කරන්නෙ කවුද කියලා ඇහුවොත් උත්තරේ තමා..

"ලානා"....................
මගෙ ඔම්ම, හ්‍යුන්ග් තරමටම ම මම ලානාට ආදරෙ කලා.

එයා තමා මගෙ හොදම යාලුවා.අපේ අවුරුදු 15 යාලුකම ඇතුලෙ අපි දෙන්නට තරහ වෙලා ඉන්න පුලුවන් උනේ  උපරිම තත්පර 5 ක් විතරයි. 

            මං ලානාගෙ හැමදේටම කැමතියි.එයා හිනා වෙද්දි පීච් ගෙඩියක් වගේ රෝසපාට වෙන එයාගෙ කම්මුල් ,දිලිසෙන චූටි ඇස්  දිහා බලාගෙන මන් ආසයි.ප්‍රශ්නයක් අහද්දි ඇහිබැමකුත් උස්සලා ඇගිලි තුඩුවලින්  ඉස්සිලා මගේ මූනට එබෙන විදිහට මන් ආසයි.තරහ ගියාම,මට රවන විදිහට මන් ආසයි.

ලනාට අඩන්න ඕනා උනාම එයා හොයන් ආවෙ මාව.කදුලු පුරෝගෙන මගෙ උරහිසේ එල්ලිලා එයා අඩන විදිහට ආදරේ හිතෙනවා.ලානා හරිම හුරතල් එයා නිදාගෙන ඉන්නකොටත් .කවුරු එයා කියන දේ ඇහුවෙ නැතත් මන් ආසයි ලානා කතා කරන දේවල් අහන් ඉන්න.කම්මුල් පුම්බලා චූටි කරලා ඇස් රවුම් කරලා නටව නටව හිනාවෙවී  අත් වනා වනා එක එක විකාර මූනූ හදලා කතා කරන ලානා දිහා මට දවසම උනත් බලන් ඉන්න පුලුවන්.

මන් දැකපු විනෝදකාමී වගේම බුද්ධිමත්ම ගෑනු ලමයා ලානා.එයා විහිලුවෙන් වගේ හිටියට හැම පොඩි දේ ගැනම හොයනවා. මන් මගේ ඔම්මටත් ලානා තරම් ලංවෙලා නැතුව ඇති.මන් කවදත් වැඩිය කතා කරන කෙනෙක් නෙමේ.ඒත් ලානා ඉස්සරහ මන් මන්ම උනා.එයා ඉස්සරහ මන් නිදහසේ මට ඕනා විදිහට හිටියා.එයා එයාගෙ හැමදේම බෙදාගද්දි මාත් මගේ හිතේ තියෙන දේවල් එයත් එක්ක බෙදාගත්තා.

.

.

.
.

ලානායි මායි NURSERY ගියේත් එකටමයි.අපි දෙන්නා හැම සිකුරාදම ඇන්දේ පූස් පැටව් දෙන්නෙක් හිටපු කපල් ටී ශර්ට් දෙකක්.

ලානා හෝම්වර්ක් නොකරපු දවසට මාත් මගේ පොත හංගලා එයත් එක්කම පන්තියෙ දනගහගෙන හිටපු දවස්ගාන මගේ අතේ ඇගිලි ගානටත් වඩා වැඩියි.

එදා ඉදන් තිබ්බ යාලුකම මටත් නොතේරෙන මොකද්දෝ බැදීමකට පෙරලිලා කියලා මන් දන්නවා. යාලුකමට එහා ගිය ඒ බැදීම මං හිතන්නේ දැන් ආදරයක්ම වෙලා.

JZT 5 SECONDS 🖤🕓(completed)Onde histórias criam vida. Descubra agora