මේ කතාව බොහොම ත්‍රාසජනක මෙන්ම විනෝදජනක කතාවක් වේවි.
එදින ලන්ඩන්වල ඉතා දුප්පත් ළමයෙකුගේ උපන් දිනයයි. ඔහු ගේ අම්මාත් නොමැතිව ඔහුගේ තාත්තා බොහෝම දුක් මහන්සියෙනුයි මෙයාව බලා කියාගන්නේ.දැනට අවුරුදු 12 කට විතර කලින් මෙයාගේ අම්මා නැතිවෙනකොට ඔහුට මාස පහක් විතර ඇති.
ඔහ් ! ඔහොම පොඩ්ඩක් ඉන්න.මට එයාගේ නම කියන්න අමතක වුණානේ.
ඔහුගේ නම ටිම් ග්‍රෙගරි. ටිකක් දික් කරලා කිව්වොත් ටිමොති ග්‍රෙගරි. නම නම් ටිකක් අමුතුයි කියලා ඔහුට හිතුණත් ටිම් ඒ නමට කැමතියි. ඔහුගේ තාත්තා ආතර් ග්‍රෙගරි මහත්මයා.
නැවත අපි හිටපු තැනටම එමුකෝ.ඒ ටිම් ගේ 12 වැනි උපන් දිනය.පත්තර බෙදීමට ගිය පියා තවමත් නොමැති නිසා ඔහු හොදට ම බිය වෙලා.
"අද තාත්තා වෙනදටත් වඩා පරක්කුයි නේද? ඇයි දන්නෑ." ටිම් බරපතල විදිහට තමාගෙන් ම ඇහුවා.
ඒත් එක්කම පා පැදි සීනුවක් ඇහුනා.
"ඔන්න තාත්තා ආවා." ටිම් සතුටින් කියමින්ම දිව ගියා.
තාත්තා ගාවට යන විට ඔහු සිතුවේ තාත්තා තෑග්ගක්වත් ගෙනත් ඇති කියලා.
ග්‍රෙගරි මහත්මයා කොච්චර අගහිගකම් තිබුනත් ටිම්ට උපන්දින තෑග්ගක් ගෙනෙනවා. ඒත් මේ පාර,
"තාත්තාට අමතක වෙලාද දන්නෑ." එයා හිතුවේ එහෙමයි.
තම දරුවාව වැළදගත් තාත්තා මෙසේ කියමින්ම ගෙතුලට ගියා "හොදයි යමුකෝ ඇතුළට. මට ඔයාට දෙන්න දෙයක් තියෙනවා."
ටිම් කුතුහලයෙන් පිරිච්ච හිතකින් ඇතුලට ගියා.
තාත්තා ගෙට ගිය ගමන්ම ගියේ පරණ බඩු ගොඩගහලා තිබුණු ගබඩා කාමරයටයි. තාත්තාට ආපසු පැමිණීමට මද වේලාවක් ගත විය. ඒත් ආවේ ලොකු පරණ ග්රැමෆෝනයක් උස්සගෙනයි.ඒත් එක්කම තාත්තා මෙහෙම කීවේය.
"පුතේ, මේක ඔයාගේ අම්මාගේ. එයා කියපු විදියට නම් මේක එයාට දීලා තියෙන්නේ එයාගේ තාත්තා 12 වෙනි උපන් දිනය දවසේ. ඔයාගේ අම්මා කිවුවා මේක ගොඩාක් වටිනවා කියලා.ඉතින් ඔයාගේ 12 වැනි උපන් දිනයට මම මේක අද දෙනවා. ඔයාට සුභ උපන් දිනයක් මගෙ පුතේ!"
BẠN ĐANG ĐỌC
Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ
Viễn tưởngග්රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග යන චාරිකාව මොන වගේ වේවිද? ඔහු සාර්ථක වේවි ද?😐🤔