"මොකක්! අද !? බෑ,බෑ අද නම් බෑ."ඇල් කෑ ගසන්නට විය. "අද නම් යන්න බැරියෝ...."
"ඇල් දැන් ඇති නවත්ත ගන්න ඕක. අපි යමු ටිම්. ඇල් ඔයත් එන්න ඕනෑ."එලන් කීවාය.
"හරි හරි එනවා තමයි. එහෙනම් අපි දැන් බෑග් හදා ගන්න යමු නේද?අපිට අපේ යාළුවෝ ටික බේරගන්න තියෙනවානේ. හරි ඉතින් පොඩි තරහා කාරයෙකුත් ඉන්නවා තමයි.ඉතින් යමු."
ඇල් එසේ පවසමින් ම උඩු මහළට නැග ගත්තේය. ඇල්ටත් වඩා තමා බිය වී ඇති බව ටිමි දැන සිටියේය. ඔහුට ඔහු ගැනම අවිශ්වාසයක් ගොඩනැගී තිබුණි.
සවස දෙක විය. සියළුම සිසුන් ක්‍රීඩා පිටියට පැමිණ සිටියේ ඔවුන්ට ජය පැතීමටය.
ගුරුවරුන්ද එතනට පැමිණ ඔවුනට සුභ පතන්නට විය.
" දන්නවද, හෙන්රිලත් එක සැරයක් මෙහෙයුමකට ගියා. එයාලත් අනූනවයෙන් තමා බේරුනේ." ඇල් කීවේය.බෝබර්ඩෙන් තුමා ඉදිරියට පැමිණියේය.
ඔයාලා එක්කෙනා ගානේ ඉදිරියට එන්න. මම ඔයාලට ආයුධ දෙන්නයි යන්නේ.
ටිම් මුලින්ම ඉදිරියට ගියේය.
"දැන් ඇස් පියාගෙන අත් දෙක දික් කරන්න."
ටිම් දෑත දිගු කළේය. එක්වරම විශාල බරක් දැනුණි.නමුත් එය අතට සුවපහසු විය.
ටිම් දෑස් හැර බැලුවේය. එහි තිබුනේ රන්වන් අසිපතකි. "වාව්! ගොඩක් ස්තූතියි." සර් ටිම් පුදුමයෙන් කීවේය.
" අහන්න ටිම් ග්‍රෙගරි, මේක ඔයාට උවමනා වෙලාවට හෙල්ලයක් බවටත් හරවගන්න පුළුවන්. ඔයා අසිපත ගැන හිතුවොත් අසිපතකුත් ,හෙල්ලය ගැන හිතුවොත් හෙල්ලයකුත් මතුවේවි. හැබැයි එකවරකට එකයි පුළුවන්. ඒ වගේම ඔබට වුවමනා වෙලාවට මේක මතු කර ගන්නත් අතුරුදන් කරන්නත් පුළුවන්. උත්සාහ කරලා බලන්න."
" දැන් ඔයා මිස්."
එලන් ඉදිරියට ගියාය.ටිම් පසෙකට වී ඈ දෙසම බලා සිටියේ ඇයට කුමක් ලැබේවිද සිතමින් එක්වරම ඇගේ අතින් මතු වූයේ රිදී කිණිස්සක් හා රිදී බ්රේස්ලටයකි.
"මේ කිණිස්සක් බව ඔයාට පේනවනේ එලන්. ඒ වගේම මේ බ්‍රේස්ලට් එක ස්පර්ශ කළාම එයින් පලිහක් මතු වේවි. බය වෙන්න එපා. ඒක කවදාවත් ඔයාගේ කැමැත්තෙන් තොරව ඔයාගේ අතින් ගලවන්න බැහැ. මේ කිණිස්ස ඔයාට උවමනා වෙලාවට මතු වේවි."
ŞİMDİ OKUDUĞUN
Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ
Fantastikග්රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග යන චාරිකාව මොන වගේ වේවිද? ඔහු සාර්ථක වේවි ද?😐🤔