"ගින්නක්!!! " බොහොමයක් දෙනා කෑගසමින් කළබල කරන්නට වූහ.
"ඔය කෑගැහිළි නවත්ත ගන්න!!!" මහාචාර්ය බෝබර්ඩෙන් ඊටත් වැඩි හඩකින් නිවේදනය කළේය.
එක්වරම මුළු පාසලම නිහඩ විය. ඔව්., ඇත්තෙන්ම එහි තිබුනේ ගිණි ගන්නා කූඩාරමකි. එය කෙසේ වූවාදැයි ටිම්ට ගැටළුවකි.
මහාචාර්ය තුමා ඇතුව ආචාර්යවරු සියළු දෙනා වහා එහි ගියහ.
ඈත කූඩාරමේ ගිණි නිවී දුම් දමණු පෙණින . මද වේලාවකින මහාචාරිනී විලියම්ස් පැමිණී සියළු දෙනාම ක්‍රීඩාගාරයට රැස්වන ලෙස දැනුම් දුන් නිසා අන් අය සමග ටිම් ද එහි යන්නට විය.
"ටිම්, කොහොමද දන්නෑ මේක උනේ.? " ඇල් ද එතනට පැමිණ ඇසුවේය.
"අපිට මෙතන කිසි කෙනෙක්ව සැක කරන්න බැහැනේ ඇල්." එලන්ද කතාවට එක් වූවාය.
" ඒක තමයි. හැබැයි මේක ඉබේ උන දෙයක්නම් වෙන්න බැහැ. නිකම්ම කූඩාරමක් ගිණි ගන්නවා කියන එක? " ටිම් ට තවමත් එය සිතා ගත නොහැකි සිදු වීමකි. හුදෙකලාව බොහෝ ඈතින් තිබූ මිනිස් පුළුටක්වත් පෙනෙන්නට නොතිබූ කූඩාරම ගිනි ගත්තේ කෙසේද?
***
ක්‍රීඩාගාරයේ රැස්වීම ඇරඹිණි. එහි පැවතියේ නොසන්සුන් වාතාවරණයකි. බෝබර්ඩෙන් තුමා ඔවුන් ඇමතුවේය.
"හොදයි හැමෝම සන්සුන් වෙන්න. ඒ කූඩාරමේ තිබුනේ රෙඩ්හෙඩ්ස්ලාගේ ගිනි කෙළි සන්දර්ශනයට ගෙනා මල් වෙඩි. එයට කොහොම හරි ගිනි පුපුරක් වැටිලා තියෙනවා. ඒක සාමාන්‍ය ගිනි ගැනීමක් විතරයි. ඒ නිසා කවුරුත් කළබල විය යුතු - " එතුමාට වාක්‍ය අවසන් කිරිමට ඉඩ නොතබාම මහ හඩින් සීනුවක් නාද විය. ඒ සමගම සියල්ලෝම පාහේ ක්‍රීඩාගාරයේ වේදිකාව දෙස බලමින් කසු කුසු ගෑමට පටන් ගත්හ.
"ඒක මෙතනට ඇවිල්ලා" ඔවුන් 'ඒක' යනුවෙන් අදහස් කර තිබුනේ ටිම්ව නිවාසයට තේරූ ග්රැමෆෝනයයි.
"තවත් ඉරණම් වාක්‍යක් වගෙයි."එලන් පැවසුවාය. "ඉ - මොන වාක්‍යයක් !?" ටිම් විමසුවේය.
" ඉරණම් වැකියකින් යම් කෙනෙකුට මෙහෙයුමක් දෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ හරියට අනාවැකියක් වගේ. මේ මෙහෙයුම්වලට යන අය තීරණය වෙන්නේ ඉරණම් වැකියට අනුවයි.සමහර ඉරණම් වැකි හරිම භයානකයි. සමහර මෙහෙයුම්වලට ගියපු අය කවදාවත් ආපහු ඇවිත් හැහැ. ඉතින් මේ ඉරණම් වැකි අපිට පවරන්නේ මේ ග්රැමෆෝන් එක" එලන් පැවසුවාය.
ŞİMDİ OKUDUĞUN
Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ
Fantastikග්රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග යන චාරිකාව මොන වගේ වේවිද? ඔහු සාර්ථක වේවි ද?😐🤔