විශ්වාසය බිඳවැටෙයි...

25 6 0
                                    

"ප්‍රොෆෙසර්! ඔයා මොනවද මෙහෙ කරන්නේ?" එලන් ප්‍රොෆෙසර් ඇබනෙටි ගෙන් ඇසුවාය.

"මං මේ ආවේ ඔයාලට උදව් කරන්න.ආහ්! මං මේ කිව්වේ, මැරෙන්න උදව් කරන්න" යි කියමින් ඈ තම දෑත් විහිදා ගත්තාය. ඒ සමගම එතැනින් විශාල දීප්තිමත් අදුරු නිල් පැහැ එළියක් විහිදිණ. ඉන් පසු එතැන සිටියේ දිගු තද දම් පැහැ ගවොමක් හැදගත් අඩි දහයක් පමණ උස අයෙකි.

"ඒ කියන්නේ ඔයා දෙවි කෙනෙක්?" ඇල් ඇසුවේය.

"ඔව් පුංචි කොලුවෝ...මං තමයි විනාශයට අධිපති දෙවගන ඩෙරෆීටා. නෙෆාරිගේ දියණිය. මට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා. බලන් ඉන්නකෝ එයාවත් ඔයාලට ඉක්මනින්ම මුණ ගැහෙයි." ඈ පිළිතුරු දුන්නාය.

"ඔහේ අපිව රැවැට්ටුවා. මුළු ඉස්කෝලෙටම චංචා කළා. ළමයි පැහැර ගන්නත් උදව් කළේ ඔයා එහෙනම්. රැස්වීම වෙලාවේ වැඩි කතාවක් නොකෙරුවෙත් ඒකයි එහෙනම්" එලන් කීවාය.

"ඔහේ ඉස්කෝලේ අයට කරදර කළාද?" ටිම් ප්‍රශ්න කළේය.

"නෑ නෑ. මට ඒ හීමිච්චං එවුන්ගෙන් ඇති වැඩක් නෑ. මට ඕනෑ ඔයාව ටිම් ග්‍රෙගරි. අපි ඔයා එනකන් ගොඩක් කල් බලන් හිටියා. අන්තිමට, ඔයා මෙතන!" දෙවගන යළි කීවාය. "දැන් අපිට අපේ මෑණියන් වෙනුවෙන් පළිගන්න තියෙනවා." ඇගේ දෙනෙත් වලින් ගිනිදළු මතු විය.

"අර කට්ටියව දැම්මම නිදහස් කළොත් හොදයි." ටිම් තම මනස සූදානම් කර ගනිමින් කීවේය.

"ඔන්න නිදහස් කළා." යි කියමින් ඈ අසුරක් ගැසුවාය. එවිටම බැමි අතුරුදන් විය. බැමිවලින් මිදුණු අය අතුරෙන් මයිකල් මුලින්ම දෑස් විවර කළේය.

ඔහු දෙසට හැරුණු දුෂ්ඨ දෙවගන "ඔයත් එනවද මර්මෙරස්?" යි විමසුවාය.

කට කොනකින් සිනාවක් පෑ මයිකල්

"අපොයි ඔව්. අනිවාර්යෙන්ම" යි කීවේය. ඒ සමගම ඔහු නැගිට්ටේය. ඔහුත් පෙර සේම දෑත් විහිදුවේය. කළුපාට එළියක් සමග එහි සිටියේ කළුපාට ලෝගුවක් පොරවා ගත් මිනී හිස්කබල් මාලයක් දමා ගත් ඩෙරෆීටා- ඇබනෙටි ට සමාන උසක් හා මුහුණක් තිබූ අයෙකි.

"මරණයේ දෙවියන්ට ආචාර කරන්නේ නැද්ද ළමයිනේ?" ඔහු ප්‍රශ්න කළේය. "මම මර්මෙරස්- මරණයට අධිපති. නෙෆාරිගේ පුත්‍රයා සහ ඩෙරෆීටා හේ නිවුන් සහෝදරයා. ඉතින් ටිම් නැවත හමුවීම සතුටක්, මගේ පරණ යාළුවා."

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿHikayelerin yaşadığı yer. Şimdi keşfedin